May 02, 2024

පාප් වහන්සේගේ සහ එලිසබත් රැජිනගේ නත්තල් පණිවුඩය

December 26, 2014
පාප් වහන්සේ සිය නත්තල් දින පණිවිඩය නිකුත් කරමින් සිරියාවේ සහ ඉරාකයේ සුළුතරයට කෙරෙන වධ හිංසා සහ පකිස්තානයේ පාසැල් ළමුන් සියයකට අධික පිරිසක් මරා දැමුණු තාලිබාන් ප්‍රහාරය හෙළා දකිති.
පසුගිය සතියේ දී පකිස්ථානයේ පෙශාවාර් හි පාසලකට එල්ල කළ ඉහත කී වෙඩි ප්‍රහාරයෙන් පාසල් ළමුන් සහ ගුරුවරුන් එකසිය හතළිහකට අධික පිරිසක් මරණයට පත් විය.
පාප් වහන්සේගේ නත්තල් දින පණිවිඩය තුළින් සියෙරා ලියොන් හි, ගිනි රාජ්‍යයේ සහ ලයිබීරියාවේ ඉබෝලා වසංගතයට ගොදුරු වී සිටින රෝගීන්ටද ආශීර්වාද කළ අතර ඔවුන්ට උපස්ථාන කිරීම සඳහා එහි ගොස් සිටින සහන සේවකයන්ට විශේෂ ස්තුතිය පුද කර තිබේ.
ෆ්රාන්සිස් පාප් වහන්සේ සිය පදවි ප්‍රාප්තියෙන් පසු නිකුත් කළ දෙවැනි නත්තල් පණිවිඩය මෙයයි.
 
එලිසබත් රැජින
මේ අතරතුර මහා බ්‍රිතාන්‍යයේ එලිසබත් රැජින නිකුත් කළ නත්තල් පණිවිඩය මගින්ද ඉබෝලා රෝගීන්ට උපස්ථාන කිරීම සඳහා බටහිර අප්‍රිකාවට ගොස් සිටින සහන සේවකයන් පැසසුමට ලක් විය.
 
ඉබෝලා වැනි වසංගත රෝගවලට ගොදුරු වූවන්ට සහ ගැටුම්වලට මැදි වූවන්ට උපකාර කිරීම සඳහා විදේශ ගත වී සිටින සහන සේවකයන්ගේ සහ වෛද්‍යවරුන්ගේ පරාර්ථකාමී භාවය පිළිබඳව තමන්ට හෘදයාංගම සානුකම්පිත හැඟීමක් ඇති වී තිබෙන බවයි එලිසබත් රැජින කියා සිටියේ.
Rate this item
(0 votes)