May 02, 2024

ආසියාවටම ස්වර්ණමය යුගයක්

December 20, 2014
ලෝක තෙල් මිල පහළ බසිමින් පවතින මේ සමය දියුණු වෙමින් පවතින රටවලට තම තමන්ගේ ආර්ථීකය ශක්තිමක් කර ගැනීමට ස්වර්ණමය අවස්ථාවක් යැයි ආසියා සංවර්ධන බැංකුව කියයි.
විශේෂයෙන් උද්ධමය අගය පහත හෙළාගැනීමට, නිශ්පාදන හා ප්‍රවාහන ක්ෂේත්‍රවල කටයුතු වඩා කාර්යක්ෂමව හා ලාභදායී ලෙස ක්‍රියාවට නැංවීමට තෙල් මිල අඩුවෙමින් තිබීමේ වාසිය යොදාගැනීමට දියුණු වෙමින් පවතින රටවල් වහාම කටයුතු කළ යුතුව තිබෙන බව ආසියා සංවර්ධන බැංකුව පෙන්වාදේ.
 
2015 සඳහා අනුමානයන්ද ඉදිරිපත් කර තිබෙන බැංකුව පවසන්නේ තත්ත්වය මෙළෙසම පැවතුණහොත් දකුණු ආසියා කලාපයේ සාමාන්‍ය උද්ධමන අගය සියයට 3.5 ක වැනි අගයක පවතිනු ඇති බවයි.එය මුලින් නිර්ණය කර තිබූ සියයට 3.7 අගයට වඩා සියයට දශම 2 ක පහළ යෑමකි.
 
දකුණු ආසියා කලාපයේ ඇති රටවල් සියල්ලකටම පාහේ මේ තෙල් මිල පහළ යෑමෙන් වාසි සළසා ගත හැකි බවද එසේ වාසි සළසා ගැනීමට නම් දැන්ම ක්‍රියාත්මක විය යුතු බවටද ආසියා සංවර්ධන බැංකුව උපදෙස් දේ.
Rate this item
(0 votes)