May 05, 2024

බාර වූ රුසියා සෙබලාට යුක්රේන ජනතාවගෙන් ආගන්තුක සත්කාර

ලෝකෙම සංවේදී කරමින් හුවමාරු වන ඡායාරූප පෙළක් සහ වීඩියෝවක් වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

ඒ යුක්රේනය ආක්‍රමණය කිරීම සඳහා පැමිණ රුසියානු සොල්දුවෙකුට යුක්රේන ජනතාව විසින් තේ, ආහාර ලබාදී ඔහුට ආගන්තුක සත්කාර සිදුකරන ආකාරයයි.

එම හුවමාරුවන ඡායාරූප පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙලෙස යුක්‍රේන ජාතිකයින් විසින් ආහාර පාන ලබා දී ඇත්තේ භාර වූ රුසියානු ජාතික හමුදා සෙබලෙක් වෙත බවටය.

එම අවස්ථාවේදී එක් තරුණියක් විසින් ඔහුගේ මවට දුරකථන ඇමතුමක් ලබාගැනීමේ අවස්ථාව ද උදාකර දෙන අයුරු කැමරාවක පටිගතව තිබෙනවා.

යුක්රේනයේ කියෙව් රූපවාහිනයේ මාධ්‍යවේදිනියක වන අනාස්ටසිලියා ලැපටිනා විසින් මෙම කථාව සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයට පත්කර තිබෙනවා.

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 03 March 2022 21:55