May 07, 2024

අසරණ වූ යුක්‍රේන් ජාතිකයන්ට සරණක් වීමට පිරිසක් සූදානම්

February 28, 2022

මව් රටට යෑමට නොහැකිව මෙරට තුළ සිටින යුක්රේන ජාතිකයින්ට නවාතැන් ලබාදීමට සූදානම් බව කළුතර ප්‍රදේශයේ විශ්‍රාමික යුද හමුදා හෙද නිලධාරියෙකු පවසනවා.

ඒ, රුසියානු ආක්‍රමණය හමුවේ මෙරට සිටින යුක්රේන ජාතිකයින් මුහුණ පා ඇති අසීරුතා පිළිබඳව අනාවරණ කිරීමත් සමඟයි.

රුසියානු - යුක්රේන යුද්ධය වර්ධනය වීමත් සමඟ මෙරටට පැමිණ සිටින යුක්රේන සංචාරකයින් යළි මව් රටට යාමට නොහැකිව දැඩි පීඩාවකට පත්ව සිටිනවා.

එම සංචාරකයින් පවසන්නේ තමන් රැඳී සිටින හෝටල්වලට මුදල් ගෙවීමේ ගැටලුවකට පවා මේ වනවිට තමන් මුහුණ දී සිටින බවයි.

Rate this item
(1 Vote)