May 07, 2024

දිලිප් වෙදආරච්චි පාර්ලිමේන්තු යන්න තෙල් ඉල්ලා ගත් තැන (PHOTOS)

February 23, 2022

තංගල්ල අවට ප්‍රදේශයේ මේ දිනවලදී ඩීසල් නොමැති වීම හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතාට සිය ජිප් රථයට අවශ්‍ය ඩීසල් නොමැති බව කියමින් තංගල්ල ධීවර වරායේ බෝට්ටුවකින් ඩීසල් ගෙන එය සිය රථයට පුරවා ගැනීමට අද (23) කටයුතු කර තිබෙනවා.

දිලිප් වෙදආරච්චි මහතා පැවැසූයේ තමාට කොළඹ යෑමට අවශ්‍ය බැවින් සිය රථයට පුරවා ගැනීමට අවශ්‍ය ඩීසල් ලබාගැනීමට නොමැතිකම නිසා මෙලෙස තංගල්ල ධීවර වරායට පැමිණ වරායේ තිබූ බෝට්ටුවකින් තෙල් ලබා ගෙන ඒවා සිය රථයට පුරවාගත් බවයි.

එහිදී පාර්ලිමේන්තු මන්ත්රී දිලිප් වෙදාරච්චි මහතා මෙසේ සඳහන් කළා,

"මට අද පාර්ලිමේන්තු යන්න ඕනි. යන්න විදිහක් නැහැ. පාර්ලිමේන්තු යන්න ඕන නිසා මම ධීවර වරායට ඇවිත් යාත්රාවකින් තෙල් ඉල්ල ගත්තේ."

Rate this item
(0 votes)
Last modified on Wednesday, 23 February 2022 21:39