May 18, 2024

ඉන්දීය සුපිරි තරු දෙකක් ලංකාවට ඇවිත් - යන එන තැන් මෙන්න

February 11, 2022

සුපිරි බොලිවුඩ් නළුවන් වන අනිල් කපූර් සහ ආදිත්‍ය රෝයි කපූර් දිවයිනට පැමිණ තිබෙන බව වාර්තා වෙනවා.

ඒ, 'ද නයිට් මැනේජර්' නමැති බ්‍රිතාන්‍ය ටෙලි කතා මාලාවක හින්දි අනුවර්තනය රූගත කිරීම සඳහායි.

ඔවුන් සමග නළු නිලියන් ඇතුළු 180කට ආසන්න නිෂ්පාදන කණ්ඩායමක් ද මෙරටට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් මේ වනවිට දකුණු පළාතේ රූගත කිරීම් ආරම්භ කර තිබෙනවා.

මෙරටට පැමිණ සිටින අනිල් කපූර් නිවාඩුවක් ගත කිරීම සඳහා ශ‍්‍රී ලංකාවට පැමිණ ඇති අතර ඔහු බෙන්තොට වෙරළ තීරයේ ඔහුගේ තාරුණ්‍ය විදහා පාමින් ව්‍යායාම කරන අයුරු ට්විටර් මාධ්‍ය ඔස්සේ ලෝකයා සමග බෙදා හදා ගෙන තිබෙනවා.

අනිල් කපූර් ඇතුළු නළු නිලි කණ්ඩායම මාසයකට ආසන්න කාලයක් මෙරට රැදී සිටීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 11 February 2022 16:03