May 19, 2024

ගිරා හමුදාවේ 20ක් විතර ඇවිත් කූඩුවේ සිටි ගිරා පැටවා බේරා ගත් මෙහෙයුම

February 08, 2022

රැනෙන් මිදී වෙළෙක වැටී සිටියදී අල්ලා කුඩුවක දමා සිටි ගිරා පැටවකු ගිරා රංචුවක් පැමිණ කූඩුවේ දැල් ඈත් කර නිදහස් කර ගෙන යාමේ පුවත් ජාඇළ බටගමින් වාර්තා වෙනවා.

ගිරා රංචුවට බාධා කිරීමට ගිය ගෙහිමියාටද රංචුවේ සිටි එක ගිරවකු කෙටීම නිසා සුළු තුවාල ලබා තිබෙනවා.

අවස්ථා කීපයකදී ගිරා රංචුවක් පැමිණ කූඩුව වාට ගැවසී ඇති අතර ඉකුත් 4 වැනිදා ගිරා රංචුවක් පැමිණ ඔවුන්ගේ හොටේ ආධාරයෙන් දැල් ඈත් කර තම රැහෙන් අතරමං වූ ගිරා පැටවා බේරාගෙන තිබෙනවා.

ගිරා පැටවා කුඩුවක දමා ඇති දැඩි කළ අයගේ දියණිය වු චතුරිකා පෙරේරා මෙසේ පැවැසුවා.

"මීට මාසයකට ආසන්න කාලයකට පෙර තම නිවස අසල වෙල්යායක වැටි සිටි ගිරා පැටවාට ප්‍රතිකාර කර කූඩුවක දමා කවා පොවා ඇති දැඩි කළා. සිද්ධිය වූ දින උදෑසන 7.00 පමණ සිට එක් ගිරවකු ගිරා පැටවා රදවා සිටි කූඩුව උඩට පැමිණ කූඩුවේ කම්බි හපා කමින් යතුරු කූරු ඈත් කිරීමට මහත් වෙහසක් ගැනීමට උත්සහ කළා. මෙය නිවෙසේ සැමට විහිළුවක් මෙන්ම හාස්‍යජනක සිද්ධියක් වුණා. නමුත් කිසිවකු බලාපොරොත්තු නොවූ පරිදි දහවල් 1.00ට පමණ ගිරව් 20කට ආසන්න රංචුවක් පැමිණ එකිනෙකාගේ සහයෙන් කුඩුවේ කම්බි ඈත් කොට ගිරා පැටවා රැගෙන ගියා.''

ඒ අවස්ථාවේ ගිරා රංචුවේ හැසිරීම් රටාව බිය උපදවන ආකාරයේ දැඩි චණ්ඩ ස්වරූපයක් ගෙන තිබු බව ද ඇය සඳහන් කළා.

මෙරටට නිදහස ලැබුණු පෙබරිවාරි 04 වෙනි දිනම මේ සිද්ධිය ඇති වි තිබීම සුවිශේෂි බව අසල්වාසීන් පෙන්වා දෙනවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 08 February 2022 12:00