April 27, 2024

"නොදන්නා අය කුමන කතා කිව්වත් ඔබ වැනි මිනිසුන් මට නම් හමු වී නැත" - මාතර විජයසීහ හිමි කියූ සංවේදී කතාව

කැපිටල් මහ රාජා සමුහයේ සභාපති ආර්.මහේන්ද්‍රන් මහතා පසුගියදා ජිවිතයෙන් සමු ගත්තා. ඒ කාගේත් හදවත් තුල මතකයක් පමණක් ඉතිරි කරමිනි.

1982 දී ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ටෙස්ට් වරම් දිනා දීම සඳහා ආර් රාජමහේන්ද්‍රන් සුවිසල් කාර්යභාරයක් ඉටු කළ බව ක්‍රීඩකයෝ සහ ක්‍රිකට් විචාරකයෝ පැවසුවා.

සිරස නාලිකාවේ වැඩසටහන් මෙහෙයවූ කෙනෙක් තමයි මංජු තේනුවර කියන්නේ. මිනිස්සු ගොඩක් දෙනෙක් ඔහුට ආදරය කළා. ප්‍රිය කළා. නමුත් ඔහු මේ වන විට පැවිදි බිමට ගොස් තිබෙනවා. තම ආදරණිය ගුරුවරයා ගැන තැබූ සටහනක් පහතින්,

" මීට වසර පහ හයකට පෙර සමහර විට ඊටත් වඩා වැඩියි, දවසක් දුරකතන ඇමතුමක් ආවා.මංජු මොකද ෂර්ට් එක උඩින් දාගෙන වැඩසටහන් කරන්නේ...ඒක ඔයා කරන වැඩසටහනට ගැල පෙන්නේ නැහැ.

තවත් දවසක Y FM ක්‍රිකට් ෂෝ වැඩසටහනට මමත් සම්බන්ද වුනා එම අවස්තාවේදි එතනදී සංගීතය වටෙන්ම ඇහුල නිසා පොඩියට වගේ මමත් පැද්දුනා කාලෙට..ඒ වෙලාවේ වෙනත් වැඩසටහනක් පටිගත කරමින් හිටියේ.කොහොම හරි මගේ තාලෙට පැද්දිල්ලත් විඩියෝවේ සටහන් වෙලා..ඒක් ඒතරම් ගනන් ගත යුතු දෙයක් නොවෙයි..එහෙත් එම වැඩසටහන් ප්‍රචාරය වූවාට පසුව යළිත් දුරකතන ඇමතුමක් ආවා..ඇවිත් ටිකක් සැරට කිව්වා මොකද මේ නටන්නේ Y එකටම යන්න ආසනම් යන්න කියලා..

තවත් දවසක් අප්පච්චි මට එන්න කියලා පණිවිඩයක් දුන්නා..මම ඉතා ඉක්මනින්ම ගියා..ගිහින් හතරවෙනි තටටුවේ කොරිඩෝවේ වාඩි වුනා.ටික වෙලාවකින් කාමරය ඇරගෙන අප්පච්චි ඇවිත් මංජු එන්න කිව්වා.මම මේ ඔයාට එන්න කිව්වේ කාලයක් කරලා නැවතුන අභියෝගයක් බාර දෙන්න.මම එක පාරටම ඇහුවේ මොක්ද්ද ඒ.. කියලා...නැ නැ අභියෝගයක් කිවවට අමාරු නැහැ.මංජු දන්නවානේ සිරසටත් වඩා ජනප්‍රිය වූ වැඩසටහනක් තිබුනා Lunch time tv කියලා.ඔව් මට මතකයි කියලා පිලිතුරු දුන්නා.එහෙනම් ලබන මාසේ ඉදලා ඔයාතමයි මේ වැඩසටහන් කරන්න ඕන..ලොකු අභියෝගයක්..මේක..මමම දන්නවා ඔයාට පුලුවන් මේ කරන්න..කට ටිකක් තියෙන්න ඕන..මේ වැඩෙ කරන්න..ඒ නිසා තමයි ඔබව තෝරා ගත්තේ.

තවත් දවසක මට මතකයි..Lunch Time TV වැඩසටහනේදි ටිකක් මහත කාන්තාවක් සියලුම සිංදුවලට නර්ථනය ඉදිරිපත් කලා..දිනකට සිංදු පහ හයක් විකාශනය වන නිසා මේ කාන්තා නිතරම වැඩසටහන් පුරාම දකින්න හැකි වුනා.එදත් දුරකතන ඇමතුමක් ලැබුනා..මොකද මේ එකම ගෑණු කෙනා දිගටම ඉන්නේ..සල්ලි දිල එක්කරගෙන ගියා වගේ..මීට වඩා හොදට Edit කරන්න ඕන.කර්මානත ශාලා රැසක හිමිකරු වු අපේ අප්පච්චි අපි ගැනත් හොයා බැලුවේ අන්න ඒ වගේ.

මට මතක⁣ බෙහොමයි අපිව නිවැරදි තැන තියන්න අපේ අප්පච්චි ලොකු උත්සහයක් ගත්තා.

නිතරම සිනාවක් මුවේ රදවාගත් පිංවත් අප්පච්චි ඔබට ඉක්මන් භවයේදි නිවන් දකින්නම මේ පිං හේතු වේවා වාසනාවේවා..

අපි වගේ දුප්පත් පවුල්වල තරුණ තරුණියන්ට රැකවරනය දෙමින් අපිව හොදින් බලාත්තා.ඔබට බොහොම පිං..

නොදන්නා අය කුමන කතා කිව්වත් අපේ අප්පච්චි ඔබවැනි මිනිසුන් මටනම් හමුවී නැත.

රාජමහේන්ද්‍රන් පියාණෙනි ඔබට තෙරුවන්සරණයි.."

- පූජ්‍ය මාතර විජයසීහ හිමි

Rate this item
(4 votes)