April 26, 2024

පුතුගේ පළමු උපන්දිනය දා තාරුකා වන්නිආරච්චිගේ කියූ සෙනෙහෙබර කතාව

අපේ රටේ කලා ක්ෂේත්‍රයේ කවුරුත් ආදරය කරන නිහතමානී දක්ෂ රංගන ශිල්පිනියක් තමයි තාරුකා වන්නිආරච්චි කියලා කියන්නේ. ඉතින් ඒ වගේම තමයි ඇය පහුගිය කාලයේ උතුම් මව් පදවිය ලැබුවා.

සමාජ මාධ්‍යන් තුලින් නම් නිරන්තරයෙන්ම වගේ අපට ඇයව දැකගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේ කවුරුත් ආදරය කරන මේ ජනප්‍රිය නිළිය විවාහ උනෙත් අපේ රටේ ඉන්න දක්ෂ ව්‍යාපාරිකයෙක් සමඟයි.

ඉතින් මේ තාරුකගේ ආදරණීය පුංචි පුතා ඩියෝන්ගේ පළමුවෙනි උපන්දිනය අද දිනට යෙදිලා තිබෙනවා. කොහොම නමුත් මේ පුංචි පුතාගේ උපන්දිනය වෙනුවෙන් තාරුකා වන්නිආරච්චි ඉතාමත්ම ආදරණීය ඡායාරූප කිහිපයක් ඇයගේ සමාජ මාධ්‍ය ජාලා ගිණුම් වලට එකතු කරමින් මෙන්න මේ වගේ අපූරු කතාවක් කියලා තියනවා අපිට දැකගන්න ලැබුණා.

"මගේ සුදු පුතාට අදට අවුරුද්දයි. කාලය වේගයෙන් පියඹනවා පුතේ. අම්මයි තාත්තයි ඔයා ලොකු වෙනවා හරිම ආසාවෙන් බලාගෙන ඉන්නේ. සුබ උපන්දිනයක් මගේ පුතාට." 

Rate this item
(1 Vote)
Last modified on Friday, 23 July 2021 19:01