April 26, 2024

අද ලග්න පලාපල : ලග්න පහකට සුබයි

ඉර උදාව : පෙරවරු - 6:04 ට

ඉර බැසීම : පස්වරු - 6:30 ට

රාහු කාලය : දිවා කාලයට හා රාත්‍රි කාලයට - 12:04 සිට 1:33 දක්වා

සුභ දිශාව : උතුර

මරු සිටින දිශාව : නිරිත

මේෂ

ඉන්ජිනේරු,කාර්මික අංශවල රැකියාවේ නියුතු ඔබට කඩිසරව රැකියා කටයුතු කිරීමට ඉඩ සැලසේ.උසස් අයගේ ගෞරවයට පාත්‍රවන දිනයකි.මෙතෙක් පැවති ගැටළු නිරාකරනය වේ.වෙළඳ කටයුතු වලට ඉතා සුබයි.අධ්‍යාපනයෙන් ජය හිමි වේ.

ජය වර්ණය: රතු

ජය අංකය : 4

වෘෂභ

යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වල නියැලෙන්නන්ට සුබයි.ලෙඩ රෝග සමනය වන දිනයකි.දරුවන්ගේ ගණිතය පිළිබඳ දක්ෂතා ඉස්මතුවන දිනයකි.නීතිය සම්බන්ධව වෘතියේ නියැලෙන්නන්ට සුබයි.පොත් පත් රචානා කරුවන්ට එම කටයුතු වලින් ලාභ හිමි වේ.

ජය වර්ණය : නිල්

ජය අංකය : 5

මිථුන

සතුරු කරදර වලට සාර්ථකව මුහුණ දීමට හැකියාව ලැබෙන දිනයකි.ඔබ නියැලෙන කර්මාන්ත කටයුතුවලින් ලාභ හිමි වේ.සහෝදර සහෝදරියන්ගෙන් උදවු උපකාර හිමි වේ.රකියා කටයුතු වලින් උසස්වීම් ලැබිය හැකි දිනයකි.ජලය සම්බන්ධ කටයුතු වලදී කල්පනාකරී විය යුතුය.ඉවසීමෙන් යුතුව කටයුතු කිරීම වැදගත් වේ.

ජය වර්ණය : කොළ

ජය අංකය : 5

කටක

හවුල් ව්‍යාපාර කටයුතු වලින් ලාභ හිමිවේ.වෙළඳාම් කටයුතු සාර්ථක වේ.සමාජ කටයුතු වල්දී මුල් තැන හිමි වේ.විවාහ ජීවිතයේ ගැටළු නිරාකරනය වේ.ලෙඩ රෝග පිළිබඳව සැලකිලිමත් විය යුතුය.

ජය වර්ණය : ක්‍රීම් පැහැය

ජය අංකය : 2

සිංහ

සතුරු බාධක ඇති වීමට හැකි දිනයකි.නීතිමය ගැටළු වලට මුහුණ දෙන අයට යම් සහනයක් ලැබේ.ඉගෙනීම් සහ තරඟ විභාග වලින් ජය හිමිවේ උදරය සම්බන්ධව රෝග සුවවන දිනයකි.රැකියාවේ තිබූ ගැටළු තරමක් හෝ නිරාකරනය කරගැනීමට හැකියාව ලැබේ.

ජය වර්ණය : රතු

ජය අංකය : 1

කන්‍යා

ගර්භනී කාන්තාවන් පරිස්සමෙන් යුතුව වැඩකලයුතු දිනයකි.ආදරවන්තයින් අතර ගැටළු ඇතිවීමට ඉඩ ඇත.දරුවන් සම්බන්ධව ප්‍රශ්ණ වලට මුහුණදීමට සිදුවිය හැකි නිසා ඔවුන් ගැන සැලකිළිමත්ව සිටිය යුතුයි.මහා පරිමාණ ව්‍යාපෘති වලින් ලාබ හිමි වේ.

ජය වර්ණය : කොළ

ජය අංකය : 5

තුලා

නිවස පිළිබඳව මුල් තැන දී කටයුතු කරන දිනයකි.අනාගතය වෙනුවෙන් සුබවාදී තීන්දු තීරණ ගන්නා දිනයකි.ඉවසීමෙන් යුතුව කටයුතු කිරීමට හැකිවේ.විවාහ පාර්ශවයෙන් ලැබීම් වාසනාව ඇත.

ජය වර්ණය : නිල්

ජය අංක : 6

වෘශ්චික

ආත්ම විශ්වාසයෙන් යුතුව කටයුතු කරන දිනයකි.උසස් අධ්‍යාපනය හදාරන්නන්ට ජය හිමිවේ.කලා කරුවන්ගේ දක්ෂතා ඉස්මතුවන දිනයකි.පර්යේෂණ සාර්ථක වේ.දේශපාලන කටයුතුවල නියැලෙන්නන්ට වැඩි ආකර්ශණයක් හිමි වේ.

ජය වර්ණය : රතු

ජය අංකය : 6

ධනු

අසනීප තත්වයන් සමනය වේ.දේශණ කටයුතුවල නියැලෙන්නන්ගේ කටයුතු සාර්ථක වේ.මැණික් කර්මාන්තයේ නියැලෙන්නන්ට ලාබ හිමිවේ.රැකියාවේ උසස්වීම් ලැබෙන දිනයකි.ආරක්ෂක අංශවල නි‍යැලෙන්නන්ට සුබ දිනයකි.ණය දීමේදී හා ණයට  ගැනීමේදී සැලකිළිමත් වන්න.

ජය වර්ණය :රන් වන්

ජය අංකය : 3

මකර

ගැටළු වලට  හොඳින් මුහුණ දීමට හැකියාව ලැබෙන දිනයකි.ආර්ථිකය සම්බන්ධව ගන්නා තීරණ සාර්ථක වේ.විවාහ පාරශවයට සෞඛ්‍ය ගැටළු ඇතිවීමට හැක.කුමන්ත්‍රණ පිළිබඳව කල්පනාකාරී විය යුතුයි.

ජය වර්ණය : නිල්

ජය අංකය : 8

කුම්භ

සෞඛ්‍ය ගැටළු ඇතිවීම්ව්ට ඉඩකඩ ඇත.ලබාගත් ණය පියවීමට උත්සාහ කරන දිනයකි.වන්චාවන්ට හසුවීමට ඉඩ ඇත.ඉඩකඩම් සම්බන්ධයෙන් ව්‍යාපාර කටයුතුවල නියැලෙන්නන්ට ගැටළු මතුවේ.

ජය වර්ණය : නිල්

ජය අංකය : 6

මීන

මිතුරන් සමඟ කරන කටයුතු වලින් ලාබ හිමිවේ.පොදු වැඩ  වලදී  මුල් තැන හිමිවන දිනයකි.ධර්මාණුකූලව වැඩ කටයුතු කිරීමට සිත පහලවේ.කාන්තාවන්ට අවශ්‍ය දෑ වෙළඳාමෙන් ලාබ හිමි වේ.ණයට මුදල්  ලබාදෙන්නන්ට ලැබියයුතු මුදල් කලට වේලාවට ලැබෙන දිනයකි.

ජය වර්ණය : රන්වන්

ජය අංකය : 3

 

Rate this item
(0 votes)