April 26, 2024

රවි ග්‍රහ මාරුව : ලග්න පහකට අශුබයි

මේෂ

රවි මාරුව ඉතාමත් යහපත් වේ. මෙතෙක් කරගෙන ආ කටයුතුවල සාර්ථක භාවය වැඩි වේ. විදේශයේ සිට මවුබිමට පැමිණෙන්නන්හට සහ විදේශ ගත වීමට බලාපොරොත්තුවන අයට එම බලා බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේ. ආදායම් මාර්ග, ධනය ලැබීම් පෙන්නුම් කරයි. මනා පෞරුෂයකින් යුතුව වැඩ කටයුතු කිරීමට ශක්තිය ලැබේ. 

වෘෂභ

සුභ අසුභ මිශ්‍ර ග්‍රහ මාරුවකි.  ධන හානි සිදුවීම්ට ඉඩ කඩ ඇත. අනවශ්‍ය වියදම් නිසා තැන්පත් ධනයට හානි සිදුවිය හැක. මානසික පීඩා ආදිය ගෙනදේවිවාහ සහකරු හෝ සහකාරිය පිළිබදව වැඩි දුර සැලකිලිමත් වීම වැදගත්. රැකියා කටයුතු මනා සංයමයෙන් යුතුව ඉටු කිරීමටත් වැදගත්. බාල සහෝදරයන්ට අපල පෙන්නුම් කරයි. විවාහ ජීවිතයේ ගැටලු ඇති කරයි.

මිථුන

ආත්ම විශ්වාසයකින් සහ උද්යෝගයකින් වැඩ කටයුතු කරන කාලසීමාවකි. අධ්‍යාපන කටයුතුවලට ඉතාමත් සුභයි. තරඟ විභාග වලින් ජය හිමිවේ. ශරීර සෞඛ්‍යය සඳහා යහපත්. නව රැකියා සදහා ඉල්ලුම් කිරීමට සුබ කාලයකි. විවාහ ජීවිතය තුළ අනෙකා සමඟ අවබෝධයෙන් කටයුතු කිරීමෙන් ගැටලු සහගත අවස්ථා මතුවීමේ ඉඩ ප්‍රස්ථාව නවතා ගත හැක. හිස ආශ්‍රිතව රෝග  ඇතිවීමට ඉඩ ප්‍රස්ථාව පවතී. පුණ්‍ය කටයුතුවල නිරත වීමෙන් සෙත ශාන්තිය ළඟාකර ගත හැක.

කටක

තරමක් අශුභ කාල කාලසීමාවකි. ආදායම් තත්වය අඩු වෙයි. වියදම් තත්ත්වය වැඩිවේ. ලාභ බලාපොරොත්තුවෙන් කරන වැඩ කටයුතු වලට මුල පිරීම සිදු නොකළ යුතුයි. කීර්තිනාමය සම්බන්ධයෙන් ගැටලු මතුවේ. රාජ්‍ය සේවකයින් ඉතාමත් කල්පනාවෙන්  වැඩ කටයුතු සිදුකිරීම වැදගත්. ළඟින්ම සිටින අයෙකුගේ අසනීප තත්ත්වයක් වෙනුවෙන් මුදල් වැය කිරීමට සිදුවිය හැක. ගින්දර විදුලිය වැනි කටයුතු වල නියුතුවන්නන් පරිස්සමෙන් කටයුතු කළ යුතුවේ. විවාහ ජීවිතය ඉතා කල්පනාකාරීව සහ ඉවසිලිවන්තව ගතකළ යුතුයි.

සිංහ

ඉතාමත් සුභ කාල සීමාවකි ව්‍යාපාර කටයුතු වෙළහෙළඳාම් කටයුතු සාර්ථක වේ. බලාපොරොත්තු ඉටු වන කාලයකි. මහහන්සියේ තරමට ප්‍රතිඵල ලැබේ. රාජ්‍ය සේවකයන්ට විශේෂ වරප්‍රසාද හිමිවේ. උසස් අයගේ උදව් උපකාර ලැබේ. විවාහ ජීවිතය සාර්ථකයි. විවාහ අපේක්ෂකයන්ගේ අපේක්ෂාවන් ඉටු වෙයි. සෞඛ්‍යය යහපත්ය. දරුපල අපේක්ෂිත අයගේ පැතුම් මල්ඵල ගැන්වේ. සිතේ සතුට රජයන කාලයකි. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. විදේශයන්හි සේවයේ නියුතුවූවන්ට සුබ  කාලයකි.

කන්‍යා

රැකියා කටයුතු සාර්ථක වේ. රාජ්‍ය සේවකයින්ට සුබයි. කරගෙන ආ වැඩ කටයුතු ඉදිරියටත් කරගෙන යෑමේ හැකියාව උදාකර දෙයි. විදේශගතව සේවයේ නියුතුවූවන්ට ඉතාමත් සුභයි. පිය පාර්ශවයේ උදව් උපකාර හිමිවේ. උසස් අයගේ ඇසුර හිමිවේ උදව් උපකාර ලැබේ. නිරෝගී සුවය හිමිවේ. පවුල් ජීවිතය තුළ සතුට සාමය රඳා පවතී. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ.  

තුලා

අධ්‍යාපනයෙන් නියුතුවූවන්ට සුබයි. දරුවන්ගේ කටයුතු වල දියුණුව ඇති වෙයි. ගුප්ත ව්ද්‍යා කටයුතු සාර්ථක වේ. පවුලේ වැඩිහිටියෙකුගේ අසනීප ත්ත්වයක් හේතුවෙන් වෙහෙසීමට සිදුවිය හැක. ප්‍රේම සබඳතා සඳහා සුබ කාලයක් නොවේ. විවාහ ජීවිතය තුළ ගැටළු මතුවීමට ඉඩකඩ ඇත. ඒරාශ්ඨක අපල පවතින අයගේ සෞඛ්‍යය පිළිබඳව, රැකී රක්ෂාව පිළිබඳව සැලකිලිමත් වීම වැදගත්. ධර්මානුකූලව ගතකිරීමෙන් සිත සැනසුම ලබාගත හැක.

වෘශ්චික

ඒරාශ්ඨක අපල කාලසීමාවන් ගතකරන්නන් මෙම මාසය තුළ සැලකිල්ලෙන් යුතුව කටයුතු කිරීම  වැදගත්. අනපේක්ෂිත බාධා ඇතිවීමට ඉඩකඩ ඇත. උසස් අය සමඟ කටයුතු කිරීමේදී සැලකිලිමත් වීම ඉවසිලිවන්ත භාවය වැදගත් වේ. ගින්දර හ විදුලිය ආශ්‍රිත කටයුතු කරන්නන් ඉතා ප්‍රවේශම්කාරීව වැඩ කටයුතු කිරීම් සිදුකල යුතුයි. හදිසි අනතුරු රෝගාබාධ, ල්‍යකර්ම ඇතිවීමට ඉඩකඩ ඇති බැවින් ඉතා පරීක්ෂාකාරීව මෙම මාසය ගත් කළ යුතුයි. පිය පාර්ශවයට අපල පෙන්නුම් කරයි. නීතිමය ගැටළු ඇතිවිය හැක. අපල මඟහරවා ගැනීම සඳහා පින් කටයුතුවල නිරත වීම වැදගත්.

ධනු 

ලග්න ඒරාෂ්ඨක කාල සීමාවකි. විවාහ ජීවිතය සඳහා එතරම් සුබ තාවයක් නොපෙන්වයි. ඉතා කල්පනාකාරීව කටයුතු කිරීම, තීරණ ගැනීම් වැදගත්. විවාහ යෝජනා, ප්‍රේම සම්බන්ධතා සඳහා සුභ කාලයක් නොවේ. හවුල් ව්‍යාපාර, හවුලේ කරන කටයුතු කල්පනාකාරීව සිදුකිරීම වැදගත්.  කීර්ති නාමයට හානි සිදුවීමට ඉඩකඩ පවතින කාල සීමාවකි. වැරදි වැටහීම් ඇතිවීමට අවස්ථාවන් යෙදේ.  

මකර

සුබදායක කාල සීමාවකි. සතුරු බල බලවේග වලට මුහුණ දීමේ ශක්තිය ධෛර්යය ලැබේ. බාධක කම්කටොළු ඉවත්වී යන කාල සීමාවකි. සහනදායී වටපිටාවන් ගොඩනැගේ. පැවැති රෝග පීඩාවන් මගහැරී මනා සෞඛ්‍යයෙන් යුතු කාලසීමාවක් උදාවේ. රැකියාවන් අපේක්ෂිත ඔබගේ අපේක්ෂාවන් මල්ඵල ගැන්වේ. උසස් අයගේ උදව් උපකාර ලැබෙන මාසයකි.

කුම්භ

සුභ අසුභ මිශ්‍ර කාලසීමාවකි. අධ්‍යාපනය සඳහා ඉතාමත් සුබ කාලසීමාවකි. ඇසුරු කරන අය සමග හිත් අමනාපකම් මතභේද ඇති වීමට ඉඩකඩ ඇති බැවින් ඉවසීමෙන් යුතුව කටයුතු කිරීම වැදගත්. උෂ්ණාධික රෝග පීඩා ගෙනදේ. දරු පල සඳහා අසුබදායක කාලසීමාවකි. දැඩි තීරණ, මුරණ්ඩු ගති පැවතුම් හේතුවෙන් අලාභ සිදුවීමට ඉඩකඩ පවතී. කරන කියන සෑම කටයුත්තකදීම ඉවසීමෙන් සහ මනා සංයමයෙන් යුතුව වැඩ ගත යුතු කිරීම් ඉතාමත් යහපත්.

මීන

සුබදායක කාල සීමාවකි. මෙතෙක් පැවති තත්ත්වයන් තුළින් ඔබ අසාර්ථක වීමට හා ඔබට අහිමිවීම් වැඩි වීමට ඉඩකඩ ඇති බැවින් සැලකිල්ලෙන් කටයුතු කිරීම වැදගත්. පපුව ආශ්‍රිත රෝග පීඩා ගෙනදීමට ඉඩකඩ ඇති බැවින් සෞඛ්‍යය පිළිබඳව සැලකිලිමත් වීම යහපත්ය. පදිංචි ස්ථානය තුළ කරදර බාධක ඇති වීමට ඉඩකඩ ඇත. රැකියා ස්ථානයේ ගැටුම් ඇති වීමට ඉඩකඩ ඇත. පවුලේ අය සමඟ, ඥාතීන් සමඟ, සමාජයේ පිරිස් සමඟ මතභේද ඇතිවිය හැක. නීතිමය ගැටලු ඇතිවීමට ඉඩකඩ පවතී. කරදර සමනය කරගැනීම සඳහා ධර්මානුකූලව ගත කිරීම යහපත්.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 15 June 2021 00:17