April 26, 2024

ගම්පහ රෝහලට කෘත්‍රිම ශ්වසන ආධාරක යන්ත්‍රයක්

2021 ජුනි මස 7 වැනිදා ගම්පහ රෝහලට අවශ්‍ය වූ කෘත්‍රිම ශ්වසන ආධාරක යන්ත්‍රයක් ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දායක දායිකාවන්ගේ ආධාර සහිතව පරිත්‍යාග කරනු ලැබිය.

ලංකාව පුරා අප්‍රසිද්ධව සිදු කරගෙන යන සමාජ සේවා වැඩ කටයුතු වෙනුවෙන් හැමදාමත් ඉදිරිපත්ව කටයුතු කරන පරවාහැර චන්දරතන  පුණ්‍යායතනයේ ලේකම් මහින්ද මඩිහහේවා මහතා මෙම කර්තව්‍ය සඳහා අවශ්‍ය සියලුම කටයුතු පිළියෙළ කළා.

මේ අවස්ථාවේ හැකි ඉක්මනින් රෝගීන්ට සහනයක් වන ආකාරයට මේ කටයුත්ත කරන්නට ලැබීම ගැන සහ මේ වෙනුවෙන් සහභාගි වූ කැලණි විශ්වවිද්‍යාලයේ සිංහල අංශාධිපති මහාචාර්ය මල්වානේ චන්දරතන හාමුදුරුවන් වහන්සේට ඒ වගේම බුද්ධික මඩිහහේවා මහත්මාට,  එ වගේම අපේ සමන්ත කුමාර මහත්මාට මම මේ අවස්ථාවේ විශේෂයෙන් අපගේ කෘතඥතාවය පළ කරන බව සඳහන් කරනවා.

මුදල් සපයා ගැනීම සඳහා ආධාර කළ  ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ  දායකත්වය දරන සියලුම ජාතික පින්වතුන්ට තමා විශේෂ පුණ්‍යානුමෝදනාව පළ කරන බවත් සඳහන් කරනවා.

Rate this item
(0 votes)
Last modified on Monday, 14 June 2021 19:39