April 26, 2024

අද දින ලග්න පලාපල : ඔබේ ලග්නයට කොහොමද ? ලග්න තුනකට ධන ලාබ

ඉර උදාව : පෙ.ව 5.54 ට

ඉර බැසීම : ප.ව 6.21 ට

රාහු කාලය : පෙ.ව 8.54 සිට ප.ව 10.23 දක්වා

සුබ දිශාව : දකුණ

මරු සිටින දිශාව : නැගෙනහිර

මේෂ

සිහි ණුවනින් යුතුව වැඩ කටයුතු කිරීම වැදගත් වේ. අධ්‍යාපනය හදාරන්නන්ට ඉක්මනින් ධාරණය කරගැනීමේ හැකියාව ලැබේ. ඔට්ටු ඇල්ලීම සූදු ක්‍රීඩාවෙන් ජය හිමි වේ. ලේඛන කලාවේ නියුතුවූවන්ට ඉතාමත් සුබ දවසක්. ආදර සම්බන්ධතා සඳහා සුබ නොවේ. කෘෂිකාර්මික කටයුතු සඳහා ඉතාමත් සුබ දිනයකි. දරුවන් පිළිබඳව සතුටුදායක ආරංචි ලැබේ.

ජය වර්ණය : රතු

ජය අංකය : 09

වෘෂභ

දාවස ආරම්භය අලසව යෙදේ. ප්‍රේම සම්බන්ධතා සඳහා අශිර්වාද නොලැබෙන දිනයකි. රෝගාබාධ සමනය වේ. උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් සුබ දිනයකි.නීතිය තර්ක ශාස්ත්‍රය විෂයන් හදාරන්නන්ට ඉතා සුබ දිනයකි. වියදම් පාර්ශවය අඩුවෙන් යෙදෙන නිසා සිතට සැනසුම හිමිවේ.

ජය වර්ණය : නිල්

ජය අංකය : 05

මිථුන

කාලයක් පුරා තිබූ බලාපොරොත්තුවක් ඉටු වේ. රූපලාවන්‍ය කටයුතු සඳහා සිත යොමු වේ. මුත්‍රා රෝග වලින් මිදීමට ඉඩකඩ ලැබේ. ඥාතියෙකු සමඟ ගැටලු සහගත බවක් ඇතිවීමට ඉඩකඩ ඇති බැවින් ඉවසීමෙන් කටයුතු කිරීම යහපත් වේ. දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩපනවීමක් සිදුවීමට හැක.

ජය වර්ණය : කොළ

ජය අංකය : 05

කටක

අද දිනයේ දී ඔබගේ මංගල කටයුතු කෙරෙහි තිබූ බලාපොරොත්තු අඩපනවන දිනයකි. ප්‍රේම සම්බන්ධතා ආර්ම්භයට නුසුදුසු දිනයකි.ව්‍යාපාර කටයුතු වලින් පාඩු සිදුවේ. රැකියාවේ උසස්වීම් බලාපොරොත්තු වියහැකි දිනයකි. ඉඩකඩම් දේපල පිළිබඳව ගැටලු ඇතිවිය හැකි දිනයකි. බදුදීම කුලියට දීම වැනි කාරනා සඳහා සුබයි.

ජය වර්ණය : ක්‍රීම් පැහැය

ජය වර්ණය : 02

සිංහ

ප්‍රසිද්ධිය ගෞරවය හිමිවන දිනයකි. කලක් පවතින රෝගාබාධ සුව අතට හැරේ. උත්සාහවන්තව කටයුතු කිරීමේන් සුබ ප්‍රථිපල ලබාගත හැක. රැකියා කරන ස්ථානයේ අර්බුධ ඇතුවීමට ඉඩකඩ පවතී. මුදල් තත්වය යහපත් වේ.

ජය වර්ණය : රතු

ජය අංකය : 01

කන්‍යා

ආදරය සම්බන්ධව සුබ කාරනා යෙදේ. දරුවන් පිළිසිඳ ගැනීම් බලාපොරොත්තු වූවන්ට සුබ ආරංචි ලැබෙන දිනයකි. ආදායම ඉහලයාමේ ප්‍රවනතාවක් පවතී. දරුවන් සම්බන්ධව වඩාත් සැලකිළිම්ත් වියයුතු දිනයකි.

ජය වර්ණය : කොළ

ජය අංකය : 05

තුලා

බුද්ධිය මෙහෙයවා වැඩ කළයුතු දිනයකි. අධ්‍යාපන කටයුතු අඩාල වීමට ඉඩකඩ ඇත. ශරීර සෞඛ්‍යය ගැන සැලකිළිමත් වියයුතු දිනයකි. දේපල සම්බන්ධව කටයුතු හොඳින් සිතා බලා කිරීම වැදගත් වේ. ගොවිතැන සඳහා සුබ දිනයකි.

ජය වර්ණය : නිල්

ජය අංකය : 06

වෘශ්චික

කලබල කාරීත්වයෙන් තොරව  වැඩකටයුතු කිරීම නිසා මනස නිරවුල්ව ක්‍රියා කිරීමට හැකිවේ. මුත්‍රා ආබාධ වැනි රෝග සුවවේ. ඇඳුම් පැලඳුම් මිලදීගැනීමට සිත යොමු වේ. ප්‍රේම සම්බන්ධතා  සඳහා නුසුදුසු දිනයකි. කෘශි කර්මාන්තයට වාසියි. වෙළඳාමට ලාබයි.

ජය වර්ණය : රතු

ජය අංකය : 09

ධනු

ව්‍යාපාර කටයුතු සඳහා වඩාත් උනන්දුවකින් කටයුතු කිරීම වැදගත් වේ. ධන ලාබ අඩු දිනයකි. වෙනදාට වඩා ලෙඩ දුක් සුවකරගැනීමේ අවස්ථාවක් ඇත. උසස් පුද්ගල්යෙකුගේ ඇසුර ලැබේ. විවාහ අපේක්ෂාවෙන් සිටන අයට සුබ කාරනා යෙදේ. සහෝදර සහ මිත්‍ර ලාබ ඇත.

ජය වර්ණය : රන්වන් පැහැය

ජය අංකය : 03

මකර

එඩිතරව කටයුතු කිරීම සහ තීන්දු තීරණ ගන්නා දිනයකි. ස්ථාවරත්වය මනාව පෙන්නුම් කරන දිනයකි. ප්‍රකාශන ක්ෂේත්‍රයේ වැඩකටයුතු කරන අයට සුබයි. තරමක ධන ලාබ යෙදේ. ආදර සම්බන්ධතා සඳහා සුබ නොවේ. දූදරුවන්ගේ අධ්‍යාපනයට බාධා පැමිණේ. දේපල සම්බන්ධ කාරනා සුබ වේ. අරපිරිමැස්මෙන් යුතුව වැඩකටයුතු කරන දිනයකි.

ජය වර්ණය : නිල්

ජය අංකය : 08

කුම්භ

අධ්‍යාපන තත්වය යහපත්ව කරගෙන යාමට උත්සුකවීම වැදගත් වේ. උද්‍යෝගයකින් කටයුතු කිරීම නිසා වැඩකටයුතු සාර්ථක වේ. දරුවන් වෙනුවෙන් වැඩි වියදම් යෙදේ. ස්ත්‍රී පාර්ශවය යටතේ රැකියාවේ නියුතුවූවන්ට සුබයි. ආදරවන්තයින්ට  ඉතා සුබ දිනයකි. රුදිරය සම්බන්ධ රෝග පීඩා ඇති අයට සහනයක් දැනෙන දිනයකි. නීතමය ගැටලු වලින් අවාසි සිදුවේ.

ජය වර්ණය : නිල්

ජය අංකය : 06

මීන

ආශාවන්ට මනා බුද්ධියකින් පිළිතුරු දීම වැදගත් වේ. කල්පනාකාරී නොවී මුදල් ඉපයීම සඳහා ගන්නාවූ තීරණ හේතුවෙන් පාඩු හිමි වේ. ගෘහ අලංකරනය පිළිබඳව සිත යොමුවේ. කලා කටයුතු වලට සම්බන්ධ අයට සුබයි.

ජය වර්ණය : රන්වන් පැහැය

ජය අංකය : 03

Rate this item
(0 votes)
Last modified on Saturday, 15 May 2021 00:38