April 26, 2024

අලුත් අවුරුද්ද නැති පවුල් සොයා ගිය ගමන (PHOTOS)

දඹුල්ල ප්‍රදේශයේ  ව්‍යාපාරිකයින් දෙදෙනෙක් හා  මාධ්‍යවේදීයකු එක්වී සිංහල අලුත් අවුරුද්ද සැමරීමට නොහැකිව ආර්ථික දුෂ්කරතා වලින් පෙලෙන පවුල් 200 ක් සඳහා වියළි ආහාර සහිත බඩු මල්ලක් ලබා දීමට පියවර ගෙන තිබිණි.

දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, දඹුල්ල පොලිසිය, සීගිරිය පොලිසිය එක්ව මෙම වියලි ආහාර භාණ්ඩ සහිත අවුරුදු බඩු මල්ල ලබා දීම ස්ථාන හතරක දී සිදු කෙරිණි.

ඒ අනුව දඹුල්ල පොලිස් ස්ථානයයේ වසම් 40 ක ඉතා දිළිඳු මට්ටමේ ජීවත් වූ පවුල් 50 කට රුපියල්  5000 වටිනවා  වියලි ආහාර මලු 50ක් පරිත්‍යාග කිරීම සිදු කෙරිණි.

දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ග්‍රාම සේවා වසම් රැසක් නියෝජනය කරමින් දඹුල්ල නගරයේ පිහිටි ව්‍යාපාරික විජේසිරි ධනපාල මහතාගේ නිවසේ තවත් එවැනි පවුල් පනහකට අවුරුදු බඩුමලු පරිත්‍යාග කිරීම සූදානම් කොට තිබිණි. එහිදී මරණයට කැපව සිටී  ගැබිණි ගව දෙනක් සහ තවත් ගව දෙනෙක මරණයෙන් නිදහස් කොට ගොවියකුට ලබාදීම ද සිදුකෙරිණි.

දඹුල්ල අතුපාරයාය ශ්‍රී බෝධි බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ එවැනිම අලුත් අවුරුදු සිහිනයක්ව තිබූ පවුල් පනහකට අවුරුදු බඩු මලු ලබාදීම සිදුකෙරිණි.

සිගිරිය පොලීිසිය මගින් එම පොලිස් බල ප්‍රදේශයේ තවත් පවුල් පනහකට වියළි ආහාර ලබා දීම සිදු කෙරුණු අතර මෙහි පැමිණ සිටි සියලුමදෙනා  ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ මෙවර සිංහල අලුත් අවුරුද්ද සිහිනයක් ව බොදවී යාමට තිබූ පවුල් බව සංවිධායකයෝ පවසති.

Rate this item
(0 votes)