April 26, 2024

දරු සුරතල් බැලූ නෙහාරා මැයි මාසයේ සිට අලුත් වැඩක

නෙහාරා පීරිස් වගේම මේනක රාජපක්ෂ කියන්නෙත් හැමෝම ආදරේ කරන චරිත දෙකක්. ඉතින් මේ දෙන්නගේ විවාහයෙන් පස්සේ මේ දෙන්නට ලස්සනම ලස්සන චූටි දූ සිගිත්තක් හම්බ වුණා.

ඉතින් නෙහාරා පීරිස් දැන් ජීවිතය ගෙවන විදිය ගැන පත්තරයකට මෙන්න මෙහෙම අදහස් දක්වලා තිබ්බා.

දැන් චූටි දුවෙක් ඉන්න අම්මා කෙනෙක් නිසා නෙහාරාට වගකීම් ගොඩක් වැඩියි. ඉතින් ඉස්සෙල්ලම ඒ ජීවිතය ගැන නෙහාරා මෙන්න මෙහෙම කිව්වා.

දැන් අපේ චූටි යට මාස තුනක් ගෙවිලා ඉවරයි. එයාගේ නම මේලි නිකෝලා රාජපක්ෂ. දැන් මගෙයි මේනකගේ ලෝකේ එයා. අපි දෙන්නාව එයා සතුටින් පුරෝලා. ඒ සතුටට මට වචන තේරෙන්නේ නෑ. අම්මා කියන පදවිය මට දීපු මගේ චූටි පැටියට මම හරි ආදරෙයි.

ඉතින් නෙහාරා මේලි එක්ක ගත කරන ජීවිතය ගැන මෙන්න මෙහෙම කිව්වා.

දැන් හරි ෂෝක්. දැන් එයා එක්ක තියෙන වැඩ හරි ෂෝක්. මම දැන් උදේ වරුවේ ජිම් එකට යනවා . මුලින් දවස් හතම ගියා. ඊට පස්සේ දවස් හයක් ගියා. දැන් සතියට දවස් 5ක් විතරයි මම ජිම් එකේ ඉන්නේ. ඉතිං ජිම් එකට හෝ වෙන වැඩකට එලියට ගියත් මට ගෙදර යනකල් එයාව දකින කල් සිහියක් නැහැ. එයාගෙ හිනාව මතක් වෙන හැම මොහොතකම මට ගෙදර යන්න හිතෙනවා. දුව ඉපදුන ගමන් එයාව නෑව්වේ හොස්පිට්ල් එකේ නර්ස්ලා. දුවව ගෙදරට ගෙනාව දවසේ ඉඳන් උදේට නාවන්නේ හවසට හෝදන්නෙත් මමයි. ඒක මට කරන්න ඕනේ උනා. සමහර විට ඉදිරියේදී රූගත කිරීම් වලට යද්දී ඒ දේවල් පොඩ්ඩක් හැමදාම මට කරන්න බැරි වෙයි. හැබැයි මම ඒක එක දවසක්වත් අතපසු කරන්න කැමති නෑ.

මේනක නම් රඟපානවා. ඒත් දුව නිසා නෙහාරට රඟපාන්න අවස්ථාවක් ලැබිලා නැතුව ඇති. සමහරවිට ආපු අවස්ථා මග ඇරෙන්නත් ඇති. ඉතින් අලුත් අවුරුද්දේ අලුත් වැඩ ගැන නෙහාරා මෙහෙම කිව්වා.

බබා නිසා තව මම රූගත කිරීම් වලට සහභාගි වුණේ නෑ. අලුතින් නාට්‍යයකට ආරාධනා ලැබිලයි තියෙන්නේ. බොහෝවිට මැයි මාසය අවසානය වෙද්දී එකේ රූගත කිරීම් පටන් ගනී.

Rate this item
(0 votes)