April 26, 2024

"අපිටම අප්පිරියාවක් තේරෙනවා, ඒත් රස්සාවක් නැතිකමට කරනවා" - කොළඹ කුණු අදින අයගේ ඔබ නොදකින කතාව

රටක පිරිසුදුකමට මෙන්ම සංවර්ධනයට කොයිකාගේත් දායකත්වය ලැබිය යුතුමය. තම ජීවන වෘත්තිය ලෙස කැළි කසළ එකතු කරමින් නගරයේ පිරිසුදුකම රකින්නට කැප වන මොවුන්ද රටේ සංවර්ධනයට දායකත්වය දක්වන්නෝය. පසුගිය කාලයේ මෙන්ම දැන් ද කොයි කවුරුත් කොළඹ කුණු කසළ පිළිබඳව කතා කරන්නේය.

දිනපතා කොළඹ නගරයේ එකතු වන කසළ පිරිසිදුකරන්නන් හා ඔවුන්ගේ ජීවන අත්දැකීම් පිළිබඳ විමසිමට තීරණය කළෙමු. මේ නගර පිරිසුදු කරන කම්කරුවන් පැවැසූ ඔවුන්ගේ අත්දැකීම්ය.

"ඇඟපත එහෙම රිදෙනවා. මේ කරත්ත හරි බරයි. උස්සගෙන යන්නේ තනිකර ඉඳුල් ඔය. සමහරක් වෙලාවට පනුවෝ ඉන්නවා. හැමදේම තියෙනව. ඉතින් ඒවා තෝරලා ඔක්කොම කරලා තමයි ඔය දාන්නේ. කොරෝනා අපිට හැදිලා තව කෙනෙක්ට බෝ කරන්න ඕනෙත් නැහැ, අපි ගෙදරට බෝ කරන්න ඕනෙත් නැහැ. ඒ නිසා අපි සැරින් සැරේ අතපය හෝදනවා. අපි ගොඩක් ආරක්ෂාව අනුව තමයි රස්සාව කරන්නේ. අපිටම අප්පිරියාවක් තේරෙනවා මොනවා කරන්නද ඉතින් අපේ රැකියාවනේ මේක. අපි ඉතින් දරා ගන්න එපැයි. රස්සාවක් නැතිකමට කරනවා."

Rate this item
(3 votes)
Last modified on Friday, 09 April 2021 13:37