May 02, 2024

ආදරය නැතුව ජිවත් වෙන්න බැහැ - ඒත්... නිල්මිණි ආදරය ගැන කතා කරයි

නිල්මිණි තෙන්නකෝන් කියන්නේ ගොඩක් දෙනෙක් ආදරය කරන හරිම ආදරණිය චරිතයක්. සැමියාගෙන් වෙන්වූ නිල්මිණි තම දරුවා වෙනුවෙන් සෑහෙන කැපකිරීමක් කරන බව නොරහසකි. බොහෝ චරිතවලට තම දායකත්වය දැක්වූ ඇය මේ වන විට තමාගේම ව්‍යාපාරයක හිමිකාරිනියක්. නිල්මිණි තෙන්නකෝන් විවාහ වෙලා හිටියේ මධු මාධව අරවින්ද සමඟයි. ඔවුන්ගේ විවාහය දෙදරා යාමත් සමඟ නිල්මිණි තව විවාහයක් ගැන හිතන්නේ නැතුව තම දරුවා වෙනුවෙන් වෙහෙසෙමින් සිටිනවා.

අද ආදරයක් ඔබට අවශ්‍යයි කියලා හිතෙන්නේ නැද්ද යනුවෙන් ඇගෙන් කල ප්‍රශ්න කිරීමකදී ඇය මෙසේ සඳහන් කළාය.

ආදරය නැතුව ජිවත් වෙන්න බැහැ.ඒත් ආදරය කියන දේට ගරුත්වය සහ විශ්වාසය තිබිය යුතුයි. එහෙම නැතුව නමට ආදරය අවශ්‍ය නැහැ. අද බොහෝ විට ආදරය කියන දේ ඇතුලේ ගරුත්වය, විශ්වාසය හරි අඩුයි. ඒක මම දැකපු දෙයක්. කසාද බැඳපු පිරිමියෙකු හෝ කසාද බැඳපු ගැහැණියෙකු තමන් ලඟට ගන්නවා කියන දේ ඇත්තටම සම්ප්‍රදායට පටහැනියි. එහෙම විය යුතු නැහැ.බිරිඳගේ වැරදි කියාගෙන කාන්තාවකට ලංවිම වගේම ගැහැනියක, සැමියාගේ වැරදි කියාගෙන වෙනත් පිරිමියෙකුට ලංවිම මම අනුමත කරන්නේ නැහැ. නොගැලපෙනවා නම් කල යුත්තේ වැරදි නොකියා නීතියෙන් වෙන්වීමයි.

දිගටම නිල්මිණි මේ විදියටම ඉදීද යන්න විමසු විට ඇය පවසා සිටියේ,

මට වගකීමක් තියෙනවා. අපට ඕනෑ විදියට ජීවිතය එහාට මෙහාට ගෙනියන්න බැහැ. රිමෝට් එකකින් ජීවිතය එහාට මෙහාට පාලනය කරනවා නම්, හරි දේට ඒක පාවිච්චි කරන්න ඕනා.

අවසාන වශයෙන් ඇය මෙලෙස සඳහන් කළාය.

අපේ රටේ ජිවත් වන හැමෝටම කියන්න තියෙන්නේ, අපි කවුරුත් මේ ජීවිතය දාලා යනවා. ඒක තේරුම් අරගෙන, නපුරු නොවී, තව කෙනෙකුට අපහසුතා, අපහාස නොකර, සමාජ මාධ්‍ය වෙතින් චරිත ඝාතනය කිරීම නොකර ජිවත් වෙන්න. විශේෂයෙන්ම කලාකරුවන්ගේ ජිවිතවලට හානි කිරීම් කරන්න එපා. ඒක පාපයක්. කාටවත් රිදවා තාවකාලික සතුටක් ලබන්න එපා. වහනය පැදවීමේ පවා පාරේ සංයමයකින් යන්න. හොඳම දේ හොඳට හිතලා හරිම දේ කරන්න. මම සමාජයට දෙන පණිවුඩය එයයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 05 April 2021 14:16