April 27, 2024

නාන තොටක් ළඟ අනඟ රැඟුම් පෑ අවුරුදු හැත්තෑවක අනංගයාට මදි නොකියන්න ගුටි ලැබුණු හැටි

බළපිටිය ප්‍රදේශයෙන් අවුරුදු 70වක අනංගයෙකුට ගුටි කෙළි ලැබුණු පුවතක් වාර්තා වෙයි.

එදිනෙදා කුලී වැඩ කරන මෙම පුද්ගලයාගේ නිවස අසළ පොදු නාන ළිඳක් තිබේ. මෙම ළිඳෙන් ගමේ බොහෝ පිරිසක් නාන්න එන බවත් සඳහන්.

උදෑසන රැකියාවට ගොස් හවස ගෙදර එන මෙම පුද්ගලයාගේ අනඟ පුරුද්දක් තිබුණි.

නාගෙන පිරිසුදු වන මෙම කුලීකරුවා හවසට මත්පැන් බී පත්තරයක්ද අරගෙන ගෙදර මිදුලේ පොදු ළිඳ පැත්තට වන්නට පුටුවක් දමාගෙන පත්තරයක් බලන ආකාරයට නාන ළිඳේ සිටින කාන්තාවන් දෙස බලා සිටියි.

කිසිවෙකුත් මේ නිසා සැක නොකරන නිසා ඔහු කාලයක් තිස්සේ මෙම ක්‍රියාව සිදුකරගෙන ගොස් තිබේ.

සෑමදාම කාන්තාව නාන්න එන අවස්ථාවේදීම මෙම පුද්ගලයා මෙලෙස පත්තර කියවීම එක් කාන්තාවකගේ පුරුෂයකට සැක සහිත දෙයක් බවට පත්විය.

ආරක්ෂක අංශයක සේවය කරන එම සැමියා විසින් මෙම අනංගයා පිළිබඳව දිගින් දිගටම විමසිල්ලෙන් සිට තිබේ.

පත්තරේ ඇති විස්තර ගැන විමසූ විට වෙන කොහෙන් හෝ ඇසූ කතාවක් කීමටද ඔහු පුරුදුව සිට තිබේ.

කෙසේ වෙතත් ඔහුගේ මෙම සටකපට ක්‍රියාව වැඩි කල් නොයා ළිඳ ළඟ නාන්න එන පිරිසට හසූ වු අතර ඔහුව අල්ලාගෙන කරන ලද සොයා බැලීමේදී පත්තරයේ ඇති කුඩා සිදුරු දෙකකින් ළිඳ ළඟ සිටින කාන්තාවන් දෙස බලා සිටින ආකාරය හසුව තිබුණි.

මෙය එක් කාන්තාවකගේ දුටු ආරක්ෂක අංශයේ සේවය කරන සැමියා විසින් මෙම කුලීකරුවා හට හොඳටම පහර දී තිබේ. මෙසේ පහර දී තිබුණේ පත්තරේ බලන මුවාවෙන් කරන ලද අනඟ ක්‍රියාවද පෙන්වමිනි.

ඉන්පසු කිසිදු දිනක මෙම පුද්ගලයා එම ස්ථානයේ පත්තර බැලීමට නොපැමිණි බවද ජාතික පුවත්පතක් වාර්තා කර තිබුණි.

Rate this item
(0 votes)