April 26, 2024

මෝඩයාගේ දවසේ උපන් තනුජා උපන්දිනය සමරන හැටි කියයි

රස රිසි ගී වැඩසටහන නොදන්නා කෙනෙක් නැති තරම්..රස රිසි ගී වැඩසටහන මෙහෙයවුයේ දෙන්නෙක්..එතනින් එක්කෙනෙක් තමයි තනූජා කියන්නේ. ඉතින් ඇයගේ උපන්දිනය යෙදිලා තියෙන්නේ අප්‍රේල් 1 වැනිදා..ඒ කියන්නේ අද වගේ දවසක. අප්‍රේල් 1 වෙනිදා කියන්නේ මෝඩයගේ දවස කියලා මතයක් තියෙනවා.

මේ කොහොම වුණත් තනුජා සති අන්ත පුවත්පතක ටැබ්ලොයිඩ් අතිරේකයකට උපන්දිනේ විතර කියලා තිබුණේ මෙන්න මෙහෙමයි.

උපන්දිනයක් ලබනවා කියන්නේ මොන වගේ හැඟීමක් ද තියෙන්නේ?

උපන්දිනයක් කියද්දි මට දෙන්නේ ජනවාරි පළවෙනිදා වගේ. ඇත්තටම අලුත් අවුරුද්දක් පටන් ගද්දි තියෙන ඒ හැඟීම මට දැනෙනවා. ඒත් ඒ තුළ වෙනසක් හෝ අලුත් වෙන්න ඕනෑ කියන බොරු කතන්දර මට නැහැ. එකම දේ මම ඒ දවස අනිවාර්යයෙන්ම මගේ පවුලේ අයත් එක්ක ඉන්න යොදාගන්නවා. ඒ දවසේ ලොකු විශේෂත්වයක් දැනිලා නැහැ. මොකද මහලොකුවට උපන් දිනය සමරලා ඒ දවස ගත කරන පසුබිමක හැදුණු කෙනෙක් නෙවෙයි මම.

සාමාන්‍යයෙන් ඒ දවස ගත කරන්නේ කොහොමද?

පුංචි කාලෙදි වුණත් ලොකු විශේෂයක් ඒ දවසට කරල නැහැ. සාමාන්‍යයෙන් ගෙදර අම්මා කිරිබත් හදනවා. ඉතින් පාසල් යන කාලෙදි වුණත් සිදුවුණේ යාලුවන්ට ඒ දවසෙ කේක් එකක් අරන් ගියා. ඒ වගේ පොඩි සංග්‍රහයක් තමයි සිදුවුනේ. පාසල් කාලයෙන් පස්සේ ඔෆිස් යන්න පටන් ගත්තා හමු සාමාන්‍ය තරමට සැමරීමක් කලා. උපන්දිනේ දවසට කලින් කෑම ඇනවුම් කරලා එහෙම යාලුවන්ට සංග්‍රහ කරලා ඒ දවස ගත කළේ. දැන්නම් ඉතිං ඒ දවසට ගොඩක් කරන්නේ පවුලේ අයත් එක්ක ගත කරන එක. නැත්නම් මගේ අක්කගේ බබාලා ඒ හැමෝම එක්ක සුළුවෙන් කේක් කපලත් ඉතාමත් සාමාන්‍ය විදිහට සැමරීමක් සිදු කෙරෙනවා. ඒ වගේම යම් හෝ දානමය කටයුත්තක් සදහා ඒ දවස යොදා ගන්නවා. ගොඩක් වෙලාවට අපේ තාත්තා පන්සලට දානයක් භාරගන්නවා. ඒ විදියේ සුළු දෙයක් තමයි මම ඒ දවසට කරගෙන යන්න කැමතියි.

තනූජාගේ උපන්දිනේ තියෙන්නේ අප්‍රේල් පළමුවැනිදාට නිසා ගොඩක් දෙනෙක් ඒ දේ විශ්වාස කරන්නේ නෑ කියන්නේ ඇත්තද?

අනේ ඔව් අප්‍රේල් පලවෙනිදා මෝඩයාගේ දවස නිසයි ඒ දවස මගේ උපන්දිනේ කියලා කවුරුත් විශ්වාස කරන්නේ නෑ. ගොඩක් දෙනෙක් උපන්දිනය අහල මම ඒ දවස ගැන කියපු ගමන් හිනා වෙනවා. සමහර පත්තර වල සඳහන් කරන්නේ මගේ උපන් දිනය අප්‍රේල් 10 කියලා. ඒ මගේ ඇත්ත උපන්දිනය විශ්වාස නැතිව. මම එතකොට ඇත්ත තත්ත්වය පත්තර කීපයකටම සඳහන් සඳහන් කරලා තියනවා. හිතින් ගොඩක් අය විශ්වාස නොකළත් අප්‍රේල් පළවෙනිදා තමයි මගේ උපන් දිනය.

ඒ දවසෙ උපත සිදුවීම ගැන මොකද හිතන්නේ?

ඇත්තටම මම වෙලාවකට අම්මට විහිලු කියනවා අම්මට අප්‍රේල් පළවෙනිදා ට එක දවසක් ඉස්සර කරන්න හරි දවසක් පරක්කු කරන්න හරි තිබුණනෙ කියලා. ඇත්තටම මට ඒ දවසක් තව දවසක් විතරයි. ඉතින් ඒ දවස ගැන කියද්දී කට්ටිය හිනා උනාට දැන් නම් දැන් නම් කියනවා දවස විදිහට නෙමෙයි ඔයාව ඒ දවසින් මනින්න බැහැ කියලා.

උපන් දිනයට ලැබුණු මතකයේ රැඳුනු තැන් ගැනත් කියමුද?

තෑගිවලට නම් මං ඇත්තටම හරිම කැමතියි. මට ලැබුණු තෑගි අතර වැඩිපුරම තියෙන්නේ පොත් තමයි. පොත් වලට මම හරි ආදරෙයි. ඉතින් මට වැඩිපුරම ලැබිලා තියෙන්නෙ ලෝකෙ ඉන්න ලංකාවෙන්ම විශේෂ චරිතයන්හි චරිතාප්‍රදාන තමයි. ඒ පොත් එකතුවක් මගේ ළඟ තියෙනවා. ඒ උපන්දිනයට ම ලැබුණු තෑගි. ඒ වගේම ඒ දවසට ගෙදරට අනිවාර්යෙන්ම මල් පොකුරු, කේක්, ටෙඩී බෙයාස්ලා,මගේ පින්තූර රාමු කරල චිත්‍ර ඇඳපුවා, සුබපැතුම්පත්, සපත්තු, සාරි වගේ ගොඩක් දේවල් එවන අය ඉන්නවා.ලංකාවෙ විතරක් නෙමේ පිටරටින් ගත් මට තෑගි ගොඩක් ලැබෙනවා. පුංචි දරුවෝ පවා පොඩි සෙල්ලම් බඩුවක් හෝ එවනවා. ඉතින් මට වෙලාවකට හිතෙනවා මිනිස්සු මේ තරම් මට ආදරේ කරනවද කියලත්. ඉතින් හරිම සතුටුයි ඒ ආදරේ දකිද්දි.

මෙවර උපන්දිනය වෙනුවෙන් කොයි වගේ සැලසුමක්ද තියෙන්නේ?

මේවා රත් ලොකු සැලසුමක් නැහැ. වෙනදා වගේම පන්සලට දානයක් භාර අරගෙන තියෙනවා. එතැනින් පසුව ඒ දවසට සුපුරුදු රාජකාරි කටයුතු තියෙනවා. ඒවා අවසන් කරලා ගෙදර අයත් එක්ක පුංචියට කේක් එකක් එහෙම කපලා ඒ දස සාමාන්‍ය විදිහට ගත කරයි.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 30 March 2021 18:08