April 27, 2024

ඉසුරු ලොකුහෙට්ටිආරච්චි කලා තරු පිරිවරාගෙන උපන්දිනය සමරයි (PHOTOS)

ඉසුරු ලොකුහෙට්ටිආරච්චි කියලා කියන්නේ කවුරුත් ආදරය කරන ආදරණීය කඩවසම් දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහු ගැන අමුතුවෙන් හදුන්වා දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. 

මේ දවස් වල විකාශනය වන හොඳ වැඩේ කියන ටෙලිනාට්‍ය තුලිනුත් ඔහුගේ දක්ෂ රංගන හැකියාව අපිට දැකගන්න පුළුවන්. ඉතින් සමාජ ජාල මාධ්‍යන් තුලින් කා අතරත් අතිශයින්ම කතා බහට මෙන්ම උපහාසයට ලක්වෙන්නේ ඔහුගේ රංගන විලාශය වගේම දකුණේ මේ භාෂා විලාශයත් නිසාමයි.

ඉතින් ඉසුරු රංගන ශිල්පියෙක් විතරක්ම නෙමෙයි ඔහු දක්ෂ හඬ කැවීම් ශිල්පියෙක්. පසුගිය කාලයේ දෙරණ රුපවාහිනී නාලිකාවේ විකාශනය වුනු බෝයිස් ඕවර් ෆ්ලවර්ස් කියන කොරියානු ටෙලි සිත්තමේ ගුජුන්පියෝට වගේම සිරස නාලිකාවේ විකාශනය වුනු අනන්තයෙන් ආ තරු කුමරා ටෙලිනාට්‍යයේ චරිතයකට හඬ කවන්නේත් මේ අපූරු රංගන ශිල්පියා තමයි.

ඉසුරු ලොකුහෙට්ටිආරච්චි කළා තරු රැසක්ම එකතු කරගෙන බොහොම ජයට සමරලා තියනවා තමයි අපට දැකගන්න ලැබුණේ.

Rate this item
(0 votes)