April 27, 2024

ලස්සන දූ සිගිත්තක් ඉන්න සංගීතේ ටෙලිනාට්‍යයේ රොකී කරපු වෙඩින් ෆොටෝ ශූට් එක මෙන්න

සමාජ මාධ්‍යන් තුලින් නිරන්තරයෙන්ම දැකගන්න ලැබෙන ආදරණීය කඩවසම් රංගන ශිල්පියෙක් තමයි ශානක උදීශ කියලා කියන්නේ. ඇත්තටම ඔහුව ගොඩක් දෙනෙක් හඳුනන්නේ රොකී කිවුවාම.

සංගීත ටෙලිනාට්‍ය හරහා කාගේත් ආදරය දිනා ගත්ත මේ ආදරණීය රංගන ශිල්පියා ගැන බොහෝ දෙනෙක් කතා බහ කරනවා. මොහු ඇත්ත වශයෙන්ම ගායනය සහ රංගනය කියන ක්ෂේත්‍ර දෙකෙන්ම දස්කම් දක්වන අපූරු කළා ශිල්පියෙක් විදිහටත් හඳුන්වන්නට පුළුවන්. මොහුට දෙරණ ඩ්‍රීම් ස්ටාර් තුන් වන අදියරේ දෙවෙනි ස්ථානය ලබා ගැනීමටද හැකියාව ලැබුණා. 

ශානක උදීශ ඔහුගේ ආදරණීය බිරිඳ සමඟින් අපූරු ආදරණීය වෙඩින් ෆොටෝ ශූට් එකක් කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් මේ සුන්දර යුවල මේ තරම් ලස්සනට කැමරා කාචයට හසුකරගෙන තිබුනේ ත්‍රිමල් ගුණතිලක ප්‍රවීණ ඡායාරූප ශිල්පියා විසින්. ඉතින් ඒ වගේම මේ දෙන්නාව මේ තරම් ලස්සනට සරසලා හැඩගැන්වීම් කරලා තිබුනේ The Bridal House ආයතනය විසින්. 

Rate this item
(0 votes)