April 27, 2024

සයිෂා දෙවැනි විවාහ සංවත්සරය සමරයි

ජනප්‍රිය ඉන්දීය සිනමා නිළි සයිෂා සයිගාල් සිය දෙවැනි විවාහ සංවත්සරය පසුගිය මාර්තු 10 වැනිදා සමරනු ලැබීය. ඒ ඇයගේ සැමියා වූ දකුණු ඉන්දීය සිනමා නළු ආර්යා සමගය. 2019 වසරේ මාර්තු 10 වැනිදා විවාහ දිවියට එක්වු සයිෂා මේ වනවිට සිනමා රංගනයෙන් තාවකාලිව ඉවත්ව සිටින බව වාර්තා වෙයි.

වාර්තා වන අන්දමට ඇය ඉදිරියේදී සිය ප්‍රේක්ෂකයන් හමුවට එන්නේ තම සැමියා රංගනයෙන් දායක වන චිත්‍රපට හරහා පමණක් බව වාර්තා වෙයි. ඇය 2019 වසරේ තිරගත වූ ‘කාප්පන්’ හා හා ‘ගජිනිකාන්ත්’ චිත්‍රපටවල පෙනී සිටියේද සිය සැමියා වූ ආර්යා සමගය.

ආර්යා පසුගිය දිනවලදී ශ්‍රී ලංකා තරුණියක් රවටා ඇයගෙන් කෝටි ගණනක මුදලක් වංචා කල බව එම තරුණිය විසින් ප්‍රකාශ කිරීමත් සමග ආර්යා සහ සයිෂා ගැන දැඩි කතා බහක් ඇතිවිය.

Rate this item
(0 votes)