April 26, 2024

මුහුණු පොතෙන් රැකියා දෙන මුවාවෙන් තරුණියක් ගණිකා ජාවාරමට

රැකියා දෙන බව පවසමින් මුහුණු පොතෙහි දැන්වීමක් යොදා සම්බන්ධකමක් ඇති කර ගත් විශ්ව විද්‍යාල සිසුවියක් ගණිකා වෘත්තියේ  යෙදවීමට උත්සාහ කල බවට චෝදනා ලැබූ මුස්ලිම් ජාතික තරුණයෙකු උපක්‍රමශීලී ලෙස ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත් අඩංගුවට ගැනීමට සමත් ව තිබෙනවා.
සැකකාර මුස්ලිම් ජාතික තරුණයා පැතුම් යන සිංහල නමින් පෙනී සිටිමින් තමුන්ට ව්‍යාපාර කිහිපයක් ඇති බවත්, එම ආයතනයන් හි රැකියාව පිණිස තරුණියන් අවශ්‍ය බවත් සදහන් කොට මුහුනු පොතෙහි දැන්වීමක් පල කොට ඇත . මෙම දැන්වීමට අනුව තරුණියන් රැකියා අපේක්ෂාවෙන් ඔහු හා සම්බන්ධ වී ඇති අතර අදාල තරුණිය ද රැකියා අපේක්ෂාවෙන් මෙම තරුණයා සමග සම්බන්ධ වී පසුව එය පෙම් සබදතාවයක් දක්වා දුර දිග ගොස් තිබේ . පසුව ඔහු මෙම තරුණිය ගෙදරට රැගෙන ගොස් ඇය සමග යහන්ගතවී එය වීඩියෝ ගත කොට ඇත . ඉන් පසු මොහු විසින් මෙම යුවතිය කඩුවෙල පිහිටි තවත් නිවෙසකට රැගෙන ගොස් කාන්තාවකට හඳුන්වා දී ඇත . සිංහල කාන්තාවක් වූ එම කාන්තාව මෙම මුස්ලිම් තරුණයා සමග එක්ව තරුණිය ගණිකා ජාවාරමෙහි යෙදවීමට උත්සාහ කොට තිබේ . මේ බව දැනගත් සිසුවිය එම ස්ථානයෙන් පලා ගොස් ඇති අතර පසුව මුස්ලිම් තරුණයා සිසුවියට කතා කොට නිරුවත් ඡායාරූප මුහුණු පොතට එක් කරන බවට තර්ජනය කොට නැවත පැමිණෙන ලෙස දන්වා ඇත. නමුත් මෙයට සිසුවිය විරුධත්වය ප්‍රකාශ කිරීම නිසා ඡායාරූප කිහිපයක් මුහුණු පොතට එක්කොට තිබේ . මේ බව දැනගත් තරුණිය පොලිස් කාන්තා සහ ළමා කාර්යාංශයට පැමිණ පැමිණිලි කොට තිබේ.  අදාල මුස්ලිම් ජාතික තරුණයා කොටු කර ගැනීමට පොලිස් කාන්තා සහ ළමා කාර්යාංශය උපක්‍රමශීලීව මිතුරු කමක් ගොඩනගාගෙන පසුව ඔහු කිරිබත්ගොඩ නගරයට ගෙන්වාගෙන වහාම අත් අඩංගුවට ගෙන තිබේ. අත් අඩංගුවට ගැනීමෙන් පසු මෙම තරුණයා මුහුණු පොතෙන්   මීට පෙර ද  උපක්‍රමශීලීව තරුණියන් රවටා ඔවුන් ගණිකා ජාවාරමෙහි යෙදවීම දිගටම කරගෙන ගිය අයෙකු බව හෙළිදරව් කොට ගෙන තිබේ . මොහු පිලිබඳව වැඩි දුර පරීක්ෂණ පොලිස් කාන්තා සහ ළමා කාර්යාංශය මගින් සිදු කරමින් පවතී.

Rate this item
(0 votes)