April 27, 2024

කකුල් 6යි වල්ග 2යි ලිංගේන්ද්‍ර 2යි - පර්යේෂකයන් පුදුම කළ සුනඛ පැටවෙකු උපත ලබයි (PHOTO)

කකුල් හයක් ඇති සුනඛ පැටවෙකු එක්සත් ජනපදයේ උපත ලබා ඇති අතර එම බලු පැටවා ප්‍රාතිහාර්යයක් ලෙස පශු වෛද්‍යවරු විස්තර කරති.

ඔවුන් විශ්වාස කරන්නේ මෙම පැටවාගේ මව් සුනඛයා හට නිවන් පැටවු ලැබීමට තිබි ඇති බවත් නමුත් කළලය නිර්මාණය වීමේදී එය වෙන් නොවීම නිසා මෙම සුනඛ පැටවා ආසාමන්‍ය ලෙස වර්ධනය වන්නට ඇති බවයි.

මෙම සුනඛ පැටවාට ඇත්තේ එක් හිසක් සහ පපුවක් වුවද, ඇයට ශ්‍රෝණි කලාප දෙකක්, ප්‍රජනන පද්ධති දෙකක් සහ වලිග දෙකක් ඇත.

මීට පෙර මෙවන් සුනඛ පැටවෙකු උපත ලබා ජීවත් වු බවට කිසිදු සාක්ෂියක් හමු වී නොමැති බවද පශු වෛද්‍යවරුන් පවසති.

මෙම බලු පැටවා උපත ලබා තිබුණේ පසුගිය පෙබරාවරි 16 වැනිදා වන අතර දින 10කට පසුව මෙම පැටවාගේ තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබුණි.

මෙම පැටවාගේ ජානමය තත්ත්වය වෙනස් වූවත් ක්‍රියාකාරීත්වය සහ ජීවි බවට කිසිදු ආකාරයක හානියක් නොමැති බවත් එම පැටවා නිරෝගීව සිටින බවත් පශු වෛද්‍යවරුන් පවසයි.

මෙම පැටවාගේ පාද 06 ම මනා ක්‍රියාකාරීත්වයකින් ඇති බවත් ඒවා සියල්ල සංවේදනය කරන බවත් පශු වෛද්‍යවරුන් පවසන අතර එම නිසා වැඩි පාද කපා ඉවත් කිරීම පිළිබඳව අදහසක් නොමැති බවද ඔවුන් ප්‍රකාශ කර තිබේ.

පාද 6ක් ක්‍රියාකාරී වන ආකාරය පිළිබඳව බොහෝ දෙනාට ගැටලුවක් ඇතිව තිබුණත්, පශු වෛද්‍යවරුන් පවසන්නේ පැටවාගේ අමතර කකුල් වාසියක් ලෙස ක්‍රියාකළ කළ හැකි අතර පැටවා ඇවිදින්නේ කෙසේදැයි ඉගෙන ගන්නා විට පැටවාගේ ශරීරයේ ස්ථාවරත්වය හා සමබරතාවය නිර්මාණය වනු ඇති බවයි.

එමෙන්ම මේ වන විට පැටවා රැක බලාගන්නා ආකාරය පිළිබඳව මෙම පැටවාගේ මනුෂ්‍ය හිමිකරු හට වෙනම පුහුණු කිරීමක් ද ලබා දීමට පශු වෛද්‍යවරුන් කටයුතු කර තිබේ.

එමෙන්ම මෙම පැටවාගේ අනාගත අභිවෘද්ධිය සඳහා වෙනම අරමුදලක් ද මේ වන විටත් පිහිටුවා ඇති බවට වාර්තා වෙයි.

මෙම පැටවා ස්කිපර් නමින් නම් කර තිබේ.

එම සුනඛ පැටවාගේ ඡායාරූප පහතින්,

Rate this item
(0 votes)