May 19, 2024

කතානායක දියණියගේ මරණය ගැන ලොවම කතා කළ හැටි (PHOTOS)

November 04, 2016

කතානායක කරූ ජයසූරිය මහතාගේ දියණිය වන සංජීවනී ඉන්දිරා මහත්මිය පසුගිය 02 වැනිදා පස්වරුවේ ලන්ඩනයේ රෝහලක් තුළදී තම ජීවිතයෙන් සමුගත්තා.

ඒ, දිගු කාලයක් තිස්සේ ඇයට වැලඳී තිබුණු පිළිකා රෝගය උත්සන්න වීම හේතුවෙන්.

කොළඹ ශාන්ත බි‍්‍රජට් කන්‍යාරාමය හා දේවි බාලිකා විද්‍යාලවල ආදි ශිෂ්‍යාවක් වුණු ඇය ආර්ථික විද්‍යා ක්ෂේත‍්‍රයෙන් වැඩිදුර අධ්‍යාපනය හැදෑරීමට එංගලන්තයට ගියා.

ඇගේ සැමියාවන මාටින් ඩිකර් ඇයට හමුවන්නේ එ් අතරතුර කාලයේදීයි.

මියයාමට පෙර පිළිකා රෝගී තත්ත්වයේ සිටියදීම ඇය දරුවන් දෙදෙනෙකුට මවක් වුණු ආකාරය ගැන, දරුවෙකු වෙනුවෙන් තමන්ගේ ජිවිතයට ජීවත් වීම සඳහා ලැබී තිබූ අවසන් අවස්ථාවත් කැප කළ ආකාරය මෙන්ම ජිවිතයේ ඉතිරිව තිබූ කෙටි කාලය පවුල වෙනුවෙන්ම ගත කළ ආකාරය පුදුම සහගතයි. වගේම අතිශය සංවේදීයි.

ඇය තමන්ට පියයුරු පිළිකා තත්ත්වය වැළඳී ඇති බව දැනගන්නේ 2008 වසරේදීයි. ඒ වෙනකොට ඇයට දරුවන් සිටියේ නැහැ.

දිගින් දිගටම කළ ප‍්‍රතිකාරවලින් පියයුරු පිළිකා රෝගී තත්ත්වයෙන් සම්පූර්ණ සුවය ලබාගත් ඇය අයිවීඑෆ් ප‍්‍රතිකාර ක‍්‍රමයෙන් තම පළමු දරුවා බිහිකරනවා.

ඒ අනුව, ඇගේ පළමු දරුවා ලෙස දියණිය තිලිනි පවුලට එකතු වෙන්නේ 2012 වසරේදීයි.

ඉන් නොනැවතුණු ඇය යළිත් අයිවීඑෆ් ප‍්‍රතිකාර සිදුකර 2015 දී පුතෙක් බිහිකරනවා. ඔහු නමින් දිලන්.

තමන්ගේ දෙවන දරුවා බිහිකිරීමට බලාපොරොත්තුවෙන් සිටියදී තමන් යළිත් පිලිකා රෝගයට ගොදුරු වී ඇතිබව දැනගත්තත් උපදින්නට සිටින දරුවාගේ ජීවිතය වෙනුවෙන් තමන්ගේ ප්‍රතිකාර පමා කරන්න ඉන්දිරා තීරණය කරනවා.

ඒ වනවිට ඇගේ දෙවන දරුවා පිළිසිඳගෙන ගතවී තිබුණෙ සති 28 ක් පමණයි.

දරු උපත නියමිත කාලයට පෙර සිදුකර ප්‍රතිකාර සඳහා යොමු වීමට ඇයට හැකියාව තිබුනත්, මවු කුසේ සිටින අවසාන මාස කිහිපය දරුවාගේ ජිවිතයේ තීරණාත්මක කාලයක් නිසා ප්‍රතිකාර පමා කරන්නට ඇය ගත් තීරණය දරුවාට යහපතක් වුවත් එයින් වූයේ ජිවත් වීමට ඇයට තිබු අවස්තාව අහිමි වීමයි.

දරු උපතින් සතියකට පසුව දෙවන වරට ප්‍රතිකාර සඳහා යොමුවනවිට පිළිකාව සුවකළ නොහැකි තරමට වර්ධනය වී තිබුණා.

තමන්ට ජීවත්වීමට ඇති කෙටි කාලය තම පවුලට හැකි උපරිමයෙන්ම ආදරය ලබාදීමට යොදාගත් ඉන්දිරා, රෝහල්ගතව සිටින විට පවා තම ආදරණීයයන් වෙනුවෙන් යුතුකම් ඉටුකළා.

මේ කතාව බ්‍රිතාන්‍යයේ dailymail වෙබ්අඩවිය වාර්තා කර තිබුණේ 'නිර්භීතභාවයේ සහ ආදරයේ කතාවක්' ලෙසටයි.

ඇගේ අවසන් කටයුතු වෙනුවෙන් කතානායක කරු ජයසූරිය මහතා ඇතුළු පවුලේ අය මේ වනවිට එංගලන්තය බලා පිටත්ව ගොස් ඇති අතර ඇගේ අවසන් කටයුතු ඇගේම ඉල්ලම පිට එංගලන්තයේ කෙන්ට්හි බෘම්ලි ගම්මානයේ ඇගේ නිවසේම සිදු කිරීමට නියමිතයි.

'මම ගියාට පස්සෙ ඔයා ආයෙමත් ආදරේ හොයාගන්න. හැබැයි මම වගේම අපේ බබාලට ආදරේ කරන කෙනෙක්ගෙන්' යනුවෙන් ඇය තම සැමියා අමතා අවසන්වරට කළ ප්‍රකාශයෙන් ඉන්දිරා තම පවුලට හා සැමියාට දැක්වූ ආදරය කෙතරම් ආත්මාර්ථයෙන් තොරද යන්න පෙන්වනවා.

ඡායාරූප පහතින්.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 04 November 2016 16:05