May 19, 2024

පණ්ඩිත් අමරදේවගේ මරණයට හේතුව ගැන වෛද්‍යවරිය කියූ කතාව මෙන්න (VIDEO)

ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව ශූරීන් අද දින අභාවප්‍රාප්ත වුණා.

ඒ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දී.

මියයන විට ඔහු 88වැනි වියේ පසු වුණා.

වීඩියෝව පහතින් > > > 

අමරදේව ශූරීන්ගේ මරණය පිළිබඳව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

එතුමා හදිසි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් මියගිය බව යි ඇය සඳහන් කළේ.

හෘදයාබාධ තත්ත්වයකින් පෙළෙමින් සිටි අමරදේව ශූරීන් රෝහලට රැගෙන ආ පසු රෝහලේ සිටි සියළුම විශේෂඥ වෛද්‍යවරුන්, හෘද විශේෂඥ වෛද්‍යවරුන් සහ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් එතුමාට ප්‍රතිකාර ලබා දුන් බව යි ඇය වැඩිදුරටත් පැවසුවේ.

කෙසේ වෙතත් රෝහලේ දැඩි සත්කාර ඒකකය තුළ දී අමරදේව ශූරීන් අභාවප්‍රාප්ත වූ බව යි ඇය සඳහන් කර සිටියේ.

වීඩියෝව පහතින් > > > 

Rate this item
(1 Vote)
Last modified on Thursday, 03 November 2016 16:23