May 19, 2024

අමරදේව ශූරීන් අවසන් උපන්දිනය සමරා ජනපති සමග ගී ගැයූ හැටි (VIDEO)

ශ්‍රී ලාංකීය සංගීත රසික හදවත් කඳුළින් තෙමාලමින් ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව ශූරීන් අද දින අභාවප්‍රාප්ත වූවා.

මේවන විටත් මෙරට සමාජ මාධ්‍ය තුළ සිටින සිය දහස් ගණනක් එතුමා වෙනුවෙන් ශෝකවන ආකාරය දක්නට ලැබෙනවා.

අමරදේව ශූරීන් සිය 88 වැනි උපන්දිනය සැමරූවේ පසුගිය දෙසැම්බරයේ 05 වෙනි දා.

එම වීඩියෝව පහතින් > > > 

එතුමාගේ උපන්දිනය සමරන්නට විශේෂ ප්‍රසංගයක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සංවිධානය කර තිබුණා.

බාල මහළු සියල්ලන්ම දන්නා "පිලේ පැදුර" ගීතය අමරදේව ශූරීන් සමග ගයන්නට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එක්වීම එහා රැඳීසිටි සියල්ලන්ටම නවමු අත්දැකීමක් එක් කළා.

පසුව එම දර්ශන ජනමාධ්‍ය ඔස්සේ පළ වීමත් සමග සමාජ මාධ්‍ය තුළ ද ඒ පිළිබඳව ඇති වූයේ විශාල උනන්දුවක්.

අද සිය ජීවන මෙහෙවර නිමකොට නිහඬ වී සිටීම පිළිබඳව, එදින ජනාධිපතිවරයා සමගින් සතුටින් ගී ගැයූ හෙළයේ මහා ගාන්ධර්වයාණන්ගේ මෙම වීඩියෝව නරඹන සෑමදෙනෙකුගේම පාහේ දෙනෙත් කඳුළින් තෙත් වන බවනම් නොඅනුමානයි.

එම වීඩියෝව පහතින් > > > 

Rate this item
(1 Vote)
Last modified on Thursday, 03 November 2016 14:42