May 19, 2024

මහේල පාගමන අවසානයේ හඬාවැටෙයි (VIDEO)

දින 27ක් තිස්සේ පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා පැමිණි TrailSL පාගමන ඊයේ නිමාවට පත් වුණා.

ගාල්ල කරාපිටිය රෝහලට අනුබද්ධව පිලිකා රෝහලක් ඉදිකිරීමට අවැසි ආධාර රැස් කිරීමට යි මෙම පාගමන සංවිධානය කර තිබුණේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන මෙම පාගමන පිටුපස සිටි යෝධ ශක්තිය වූවා.

ඊයේ පාගමනෙහි නිමාව සනිටුවන් කරමින් පිලිකා රෝහල ඉදිකිරීම සඳහා මුල්ගල තැබූ අවස්ථාවේ දී මහේල බොහෝ සෙයින් සංවේදී වූවා.

සිය දෙනෙතින් කඳුළු වැටෙන තරම් සංවේදී වූ මහේල, 

"මම හිතන්නේ මගේ මාත් ජීවිතේ සුන්දරම දවස් 27 ක් ගෙවුන. උතුරේ පේදුරුතුඩුවේ ඉඳල අපි මාතරට ඇවිල්ල තියෙනව. ශ්‍රී ලංකාවේ ජනතාව 'කෙතරම් සුන්දර ද, කෙතරම් පරිත්‍යාගශීලී ද,"

යනුවෙන් පැවසුවා.

එමෙන්ම ඔහු මීට වසර 20කට පෙර පිලිකා රෝගයකින් මියගිය සිය ආදරණීය සොයුරා සිහිපත් කළා.

සම්පූර්ණ වීඩියෝව පහතින් > > > 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 02 November 2016 16:59