May 19, 2024

හෙඩ්ලයිට් ගහගෙන එන රියදුරන්ට පොලීසියෙන් ලැබුණු අමුතු දඬුවම (PHOTOS)

November 02, 2016

රාත්‍රී කාලයේ දී මහපාරේ ගමන් ගනිද්දී අනවශ්‍ය පරිදි අධි තීව්රතාවයෙන් යුතු විදුලි ආලෝක භාවිත කරන රියදුරන් ඔබටත් මුණගැසී ඇති.

අවශ්‍ය නැති අවස්ථාවල දී අධික තීව්රතාවයෙන් යුතු ආලෝකය භාවිත කරන ඔවුන් නිසා මාර්ගයේ ගමන්ගන්නා අනෙක් පුද්ගලයින් අපහසුතාවයට පත් වනවා පමණක් නොව මාර්ග අනතුරු පවා සිදු වීමේ දැඩි අවධානමක් නිර්මාණය වෙනවා.

එවන් රියදුරන්ට ලබා දුන් අපූරු දඬුවමක් පිළිබඳව චීනයෙන් වාර්තා වෙනවා.

එරට පොලීසිය විසින් අධි තීව්රතා ආලෝක ධාරා භාවිත කරන රියදුරන් අල්ලා ඔවුන්ව පුටුවක ඉඳගස්වනු ලබන අතර ඉන් පසුව ඔවුන්ගේ මුහුණට ද අධික තීව්රතාවයකින් යුතු ආලෝක ධාරාවක් එල්ල කරනු ලබනවා.

විනාඩි කිහිපයක් එම ආලෝකය දෙස බලා සිටීමට සිදු වීම යි එම රියදුරන්ට හිමිවන දඬුවම වන්නේ.

තම ආලෝකය නිසා අනෙකාට සිදුවන හිරිහැරය පිළිබඳ මෙම දඬුවමට මුහුණ දෙන රියදුරන්ට හොඳින්ම වැටහෙනු ඇති බව නම් නොඅනුමාන යි.

ඡායාරූප පහතින් > > > 

Extreme 'light therapy' disciplines high beam abusers

Extreme 'light therapy' disciplines high beam abusers

Extreme 'light therapy' disciplines high beam abusers

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 02 November 2016 16:19