රුවන්වැලි සෑයට පිදීම උදෙසාම අක්කර 20ක භූමි ප්‍රමාණයක සිදු කළ දාස්පෙතියා වගාවක් පිළිබඳව ගල්කිරියාගම ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
ගල්කිරියාගම, ආඬියාගල ප්‍රදේශයේ ගොවි ගෙවිලියන් මෙම කටයුත්ත පෙරේදා (29) ආරම්භ කළේ මහා සංඝරත්නයේ මූලිකත්වයෙන්.
රුවන්වැලිසෑය උදෙසා දාස්පෙතියා මල් කෝටියක් පිදීම යි ඔවුන්ගේ අරමුණ වී තිබෙන්නේ.
එම දාස්පෙතියා මල් කෝටිය 2017 වසරේ ජනවාරි 11 වැනි දිනට යෙදී ඇති දුරුතු පුන් පොහෝ දා ඓතිහාසික රුවන්වැලි මහා සෑරදුන් වෙත පූජා කිරීමට නියමිතව තිබෙනවා.
මීට පෙර පාත්තිවල සකස් කරගත් දහස් පෙතියා පැළ වගා බිම්වල සිටුවමින් ගොවීන් පෙරේදා මෙම කටයුත්ත ආරම්භ කළා.
ගොවීන් මෙම දහස් පෙතියා මල් වගා කිරීම සඳහා ගොවි බිම් සහ ශ්‍රමය ලබා දෙන්නේ සිය වගා කටයුතු සියල්ල අත්හැර දමමින් බව යි වාර්තා වන්නේ.
රුවන්වැලි චෛත්‍යාරාමාධිපති පල්ලේගම හේමරතන නා හිමියන්ගේ අනුශාසනා පරිදි කහගොල්ලේ සෝමවංශ හිමියන්ගේ අනුශාසකත්වයෙන් තල්ගමුවේ සුධීරානන්ද හිමියන් ඇතුළු මහා සංඝරත්නයේ පන්සියයක් නමක් මෙම වැඩසටහන සඳහා දායකත්වය ලබා දෙන බව සඳහන් වෙනවා.