තම ජීවිතයේ සුවිශේෂී වූ දිනයක්වන විවාහෝත්සවය තම හිතමිතුරන්ට වඩා වෙනස්ම ආකාරයකින් පැවැත්වීමට බොහෝ දෙනා උත්සහ දරනවා.
ඇතැම්විට එම වෙනස්කම් සිතාගැනීමට පවා නොහැකි ඒවා වූ අවස්ථා අන්තර්ජාලයේ විටින් විට වාර්තා වෙනවා.
එවන් විවාහෝත්සවයක් පිළිබඳ පසුගිය දා විදෙස් පුවත් අතර වාර්තා වුණා.
සාමාන්‍යයෙන් මනාලිය සහ ඇගේ යෙහෙළියන් මල් පොකුරු අත දරා සිටීම සිදුකෙරුණත් මෙම මංගල උත්සවය පුරාම ඔවුන් අත දරා සිටියේ මල් පොකුරු නම් නොවෙයි.
මනාල යුවළගේ වගේම ඔවුන්ගේ යහළු යෙහෙළියන්ගේ ද අත්වල වූයේ සුරතල් බලු පැටවුන්.
මෙම වෙනසට හේතු වූයේ මනාලිය සුරතල් සතුන් රැකගැනීමේ සංවිධානයක ක්‍රියාකාරණියක් වීම සහ ඇගේ අතගත් මනාලයා ද සුරතල් සතුන්ට දැඩි ආදරයක් දැක්වීම යි.
වීඩියෝව පහතින්.