රාජගිරිය, කලපලුවාව ප්‍රදේශයේ දී ගුවන් සේවිකාවක් දූෂණයට ලක්ව තිබෙනවා.
මෙම අපරාධය සිදුව ඇත්තේ ඇගේ නිවස තුළදීම යි.
දූෂණයට ලක් වූ ගුවන් සේවිකාව 31 හැවිරිදි වියේ පසුවන අතර ඇය අවිවාහක තැනැත්තියක්.
රාජගිරිය, කලුපලුවාව, පළමු පටුමගෙහි නිවසක කුලී පදනම මත මෙම ගුවන් සේවිකාව නැවතී සිට තිබෙනවා.
පෙරේදා (27) මෙම ගුවන් සේවිකාව සිය රැකියාව නිම වී නිවසට පැමිණ නින්දට ගොස් ඇති බව පැවසෙනවා.
නිවස තුළ පුද්ගලයෙකු සැඟවී සිට ඇති අතර රාත්‍රී 10.45ට පමණ මෙම පුද්ගලයා ගුවන් සේවිකාව නිදා සිටි කාමරයට ඇතුළු වී තිබෙනවා.
එසේ ඇතුළු වූ තැනැත්තා ඇයව දූෂණය කර ඇති බව යි වාර්තා වන්නේ.
දූෂණයට ලක් වීමෙන් පසුව එම පුද්ගලයාගෙන් බේරීම සඳහා ගුවන් සේවිකාව නාන කාමරයට ගොස් අගුළුලාගෙන ඇති අතර එහි දී ඇය සිය ජංගම දුරකතනයෙන් තම ඥාතීන්ට තමා මුහුණ දුන් සිදුවීම පිළිබඳ පවසා තිබෙනවා.
ඥාතීන් විසින් මේ පිළිබඳව පොලීසියට දැණුම් දී ඇති අතර රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් අදාළ තැනැත්තා අත්අඩංගුවට ගත් බව යි පැවසෙන්නේ.
අත්අඩංගුවට ලක් වූ තැනැත්තා හිටපු යුධ හමුදා සෙබළෙක්.
ඔහු 34 හැවිරිදි අයෙකුවන අතර කළුතර මොරොන්තුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.