මේවන විට මෙරට මාධ්‍ය සියල්ලගෙම පාහේ ප්‍රධාන පුවත බවට පත්ව ඇත්තේ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිවස තුළ තරුණයෙකු මිය යාමේ සිදුවීම යි.
මෙසේ මියගොස් ඇත්තේ විමල් වීරවංශ මහතාගේ පුත්‍රයාගේ මිතුරෙක්.
ළහිරු දිසානායක නම්වන මෙම මියගිය තරුණයා 24වැනි වියේ පසුවූවෙක්.
විමල් වීරවංශ මහතාගේ බිරිඳවන ශෂී විරවංශ මහත්මිය විසින් අදාළ තරුණයා ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත රැගෙන එන විටත් මියගොස් සිටි බව යි වාර්තා වන්නේ.
මියගිය තරුණයා සිය මිතුරාගේ නිවසේ බොහෝ දිනවල දී නවාතැන් ගන්නා බව යි පැවසෙන්නේ.
කෙසේ වෙතත් මේවන විට විවිධ පාර්ශව විසින් විවිධ ප්‍රචාර මේ සම්බන්ධයෙන් ගෙන යන අතර ඒවාට ප්‍රතිචාර දක්වමින් වීරවංශ මහතා ද නිවේදනයක් නිකුත් කොට තිබුණා.
මේ අතර අදාළ සිද්ධිය වූ දින මියගිය තරුණයා සමග වීරවංශ මහතාගේ නිවසේ නවාතැන් ගත් තවත් තරුණයෙකු මෙම සිදුවීම පිළිබඳ ෆේස්බුක් සටහනක් තබා තිබෙනවා.
මිතුරන් එක් වී චිත්‍රපටයක් නැරඹීම සඳහා උඩුමහලට ගිය බවත්, ඒ මොහොතේ මියගිය තරුණයාගේ දෑස් රත්පැහැ ගැන්වී තිබූ බවත් ඔහු සඳහන් කොට තිබෙනවා.
එමෙන්ම දෑස් රත් පැහැගැන්වී තිබීම පිළිබඳව ශෂී වීරවංශ මහත්මිය තරුණයාගෙන් විමසා ඇති බව ද එහි සඳහන් වනවා.
පසුව සියළු දෙනා නින්දට ගිය බවත් උදෑසන අදාළ තරුණයාගේ මුහුණ නිල්පැහැගැන්වී තිබූ බවත් අදාළ ෆේස්බුක් සටහනේ සඳහන් වනවා.
මියගිය තරුණයාගේ පියා ද මේ ආකාරයෙන්ම මියගොස් ඇති බව ද එම ෆේස්බුක් සටහන තුළ අන්තර්ගතවන අතර සටහන ලියා ඇති තරුණයා පවසන්නේ සැබැවින්ම සිදුවූ දෙය එය බවත් එය නොදැන විවිධ පුද්ගලයින් විවිධ චෝදනා සිදු කෙරෙන බවත් ය.
එම සටහන සහ ඡායාරූප පහතින් > > >