May 18, 2024

සජිත්ගේ රැකියා කතාවට දෙරණේ චතුර දුන්න කණේ පහර (VIDEO)

සජිත් ප්‍රේමදාස මහතා පෙනී සිටින වීඩියෝවක් සම්බන්ධයෙන් මෙරට සමාජ ජාල ඇතුළු මාධ්‍ය බොහොමයක් තුළ විශේෂයෙන් කතාබහට ලක් වුණා.

රැකියා ලබා දීම සම්බන්ධයෙන් වූ එම වීඩියෝව පිළිබඳව බොහෝ දෙනා සිය අප්‍රසාදය පළ කොට තිබූ බව දැකගන්නට ලැබුණා.

උස පුද්ගලයින් "සිකියුරිටි" රැකියා සඳහාත් මිටි පුද්ගලයින් "කම්කරු" රැකියා සඳහාත් යොමු කරවන බව සඳහන් වූ එම වීඩියෝව පිළිබඳ කතාබහ තවමත් අවසන් වී නැහැ.

මේ අතර අදාළ වීඩියෝව පිළිබඳව දෙරණ රූපවාහිනී නාළිකාවේ නිවේදක චතුර අල්විස් මහතා ද වැඩසටහනක් අතරතුර දී අදහස් දැක්වූවා.

ඔහුගේ ප්‍රකාශය සමාජ ජාලා තුළ මේ දිනවල පැතිරයමින් පවතින්නේ මේ ආකාරයට යි.

වීඩියෝව පහතින් > > > 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 25 October 2016 15:17