May 18, 2024

රොහානි වීරසිංහගේ වීඩියෝවක් අසභ්‍ය වෙබ් අඩවියක

ටෙලිනාට්‍ය රංගන ශිල්පිණී රොහානි වීරසිංහ පෙනීසිටින වීඩියෝවක් අසභ්‍ය වෙබ් අඩවියක පලවීමේ පුවතක් සම්බන්ධයෙන් මේ දිනවල ආන්දෝලනාත්මක කතා බහක් ඇති වී තිබෙනවා.

වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ ඇය රඟපෑ DVD චිත්‍රපටයක දර්ශන මෙසේ අසභ්‍ය වීඩියෝවකට එකතු කර ඇති බව යි පැවසෙන්නේ.

කෙසේ වෙතත් මේ පිළිබඳව අදහස් පළ කර ඇති රොහානි නම් පවසා ඇත්තේ එම ජවනිකාවේ සිය සිරුර සහ පාද වඩාත් නිරුවත්වන ආකාරයෙන් පෙන්වා ඇති බව යි.

තමා එම දර්ශනවලට පෙනී සිටියේ ඇඳුණුම්කමට බවත් මෙසේ සිදුවේවියි තමා නොසිතූ බවත් ඇය පවසා තිබෙනවා.

එසේම මෙම සිද්ධියෙන් පසු නැවතත් ඇඳුණුම්කමට වැඩ නොකරන බව යි ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ.

මෙම සිදුවීම පිළිබඳව රොහානි ජාතික පුවත්පතක් වෙත පවසා තිබුණේ මෙවැන්නක්.


DVD චිත්‍රපටවල රඟපාන්න ගිහින් රොහානිට ලොකු අලකලංචියක් සිද්ධ වුණාලු නේද?
ඒක නම් කියලා වැඩක් නෑ. වස විලිලැජ්ජාවක් වුණේ.  

හරි වෙච්ච දේ පුළුවන් විදිහට කියන්නකෝ..?
පසුගිය දවස්වල මම DVD චිත්‍රපට දෙකක රඟපෑවා. එහෙම රඟපාන්න ලැබුණු චිත්‍රපටයක කොටසක් එක්තරා ලිංගික ජවනිකා අඩංගු වෙබ් අඩවියක  පළවෙලා තිබ්බා. මං ඒ ගැන ගොඩක් අප්සට් එකෙන් ඉන්නෙ.

ඉතිං රොහානි ඒ DVD ජවනිකාවල පෙනි සිටි දර්ශන දැකලා කවුද මුලින්ම කිව්වෙ..?
ක්ෂේත්‍රයේ එක්තරා මිතුරියක් මට ඒ ලින්ක් එක එවලා තිබුණා. ඒක බැලුවාම මගෙ ඇඟත් එක්ක හීතල වෙලා ගියා. 

ඇයි එච්චරටම අවුල්ද..?
ඒකනේ කියන්නෙ මට නම් හිතාගන්නවත් බෑ. 

රොහානි ඇත්තටම ඒ වගේ දර්ශනවලට පෙනී හිටියනෙ..?
මේකනෙ මම නිළියක්. අනෙක ඒ ජවනිකාවේ මගෙ කකුලයි ශරීරයයි වැඩිපුර නිරුවත් වෙනවා පෙන්වලා තියෙනවා. කවුරු මේවා කරනවද මන්දා. ඒකෙ වැඩිය පෙනුණෙ නෑ. 

ඒ අනෙක් අසභ්‍ය දර්ශනවල රූගත කරන තැන රොහානි හිටියද..?
නෑ කපල් එකක් ඉන්නවා ඒ හැම චිත්‍රපටවලම රඟපාන. 

ෆිල්ම් එක හදපු කට්ටිය මොකද කියන්නෙ ඒ ගැන..?
ඒ අයට මම කතා කළා. ඒගොල්ලො කියන්නෙ DVD එක ගත්ත කෙනෙක් වීඩියෝ එක අසභ්‍ය ජවනිකා තියෙන වෙබ් අඩවියකට අප්ලෝඩ් කරන්න ඇති කියලා. මමත් ඔය DVD එකේ රඟපෑවේ අඳුනනකමට. ඉතිං ඔහොම දෙයක් වෙයි කියලා කවුද හිතුවෙ. 

යාලුකමට වැඩ කරලා රොහානි හොඳටම මට්ටු වෙලාද ඉන්නෙ..?
ඔව්. ආයෙමත් යාළුකම්වලට වැඩ කරන්නෙ නෑ. මේ මට්ටුව හොඳටම ඇති. 

ඒ අය ගැන නීතිමය පියවර ගන්නෙ නැත්තෙ ඇයි..?
ඒගොල්ලො යාලුවො නිසා කිසිම පියවරක් ගන්න බෑනේ. 

(වීඩියෝව පහතින්)

Rate this item
(24 votes)
Last modified on Tuesday, 25 October 2016 20:41