May 18, 2024

තමාව දූෂණය කළ හැටි කුඩා දැරියක් චිත්‍රයට නගයි (PHOTOS)

ලෝකය වෙළාගෙන තිබෙන විවිධ සමාජ ගැටළු අතර ළමා අපචාර ප්‍රධාන ස්ථානයක් ගන්නවා.

අනාගතයේ වැඩිහිටියන් වී ලෝකය ගොඩනැගීමට සිටින ළමා පරපුර විවිධ අතවරවලට ලක්වීමෙහි වර්ධනයක් ඇති වී තිබීම සැබැවින්ම ඉක්මන් ක්‍රියාමාර්ග ගත යුතු ගැටළුවක් වග අවිවාදිත කරුණක්.

මෙරටින් ද පසුගිය දිනවල වාර්තා වූ ඇතැම් ළමා අපචාර සිද්ධි කෙලවර වී තිබුණේ ඇතැම් දරුවන්ගේ ජීවිත පවා අහිමි කරමින්.

මේ අතර දිගු කලක් තිස්සේ හොර රහසේ දැරියක් ලිංගික අතවරයට ලක් කළ පුද්ගලයෙකු පිළිබඳව, අදාළ දරුවා විසින් අඳින ලද චිත්‍රයක් ඔස්සේ හෙළිදරව් කරගැනීමට හැකි වූ පුවතක් බ්‍රසීලයෙන් වාර්තා වෙනවා.

මෙම දැරිය වයස අවුරුදු 5ක්වන අතර ඇය විසින් අඳින ලද චිත්‍රයක් පිළිබඳ දෙමාපියන් ඇගෙන් විමසා සිටි අවස්ථාවේ ඇය අතවරයට ලක්වන බව හෙළි වී තිබෙනවා.

මෙම චිත්‍රවල ඇය සිතුවමට නගා ඇත්තේ අදාළ අපරාධකරු තමාව දූෂණයට ලක් කරන අවස්ථාව යි.

ඇය දූෂණයට ලක්ව ඇත්තේ ඇය අධ්‍යාපනය ලබන ආයතනයේ පූජකයෙකු අතින් බව යි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

දැරිය විසින් අඳින ලද එම චිත්‍ර සටහන් පහතින් > > > 

01 

02

Rate this item
(1 Vote)