May 18, 2024

"අම්මට අත උස්සන්න ආවොත් ගහනවා තමයි" - චිලී මාංචු පිටින් කී කතාව මෙන්න (VIDEO)

පුද්ගල පහරදීමක් සම්බන්ධයෙන් නවපරපුරේ ජනප්‍රිය ගායක චිලී තිලංක ඊයේ අත්අඩංගුවට ගැනීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.

චිලීගෙන් පහර කෑ බව පැවසෙන 57 වියැති පුද්ගලයා පොලීසියට පවසා තිබුණේ චිලීගේ මෝටර් රියට තමා මාර්ගයේ ඉඩ නොදුන් බව පවසමින් ඔහු තමන්ට පහර දුන් බව යි.

පහර කෑමෙන් අදාළ පුද්ගලයාගේ දිවට බරපතල තුවාල සිදු වී තිබුණා.

කෙසේ වෙතත් චිලී පොලීසියට පවසා ඇත්තේ තමන් සිය මව සමග ගමන් කරමින් සිටිය දී මාර්ගයේ ගමන් ගත් අදාළ තැනැත්තා සමග කතාබහක් ඇති වී එය දුරදිග ගිය බව යි.

එහි දී එම පුද්ගලයා තම මවට ද පහර දීමට තැත් කළ නිසා ප්‍රති ප්‍රහාරයක් එල්ල කළ බව යි චිලී පවසා තිබුණේ.

ඊයේ දින බන්ධනාගාර බස් රියෙන් චිලී බන්ධනාගාරය වෙත රැගෙන යද්දී මාධ්‍ය වෙත ඔහු පැවසූවේ "මිනියක් මරල නෑ.. කාටවත් වරදක් කරල නෑ.. අම්මට අතඋස්සන්න ආවොත් ගහනවා! ඒක තමයි විදිහ" යනුවෙන්.

එම වීඩියෝව පහතින් > > >

Rate this item
(2 votes)