May 18, 2024

තඹුත්තේගම තරුණයෙකු නිරුවත් කොට ගුදමාර්ගයට යකඩ බටයක් ඇතුළු කරලා

පුද්ගලයින් සිව්දෙනෙකු එක්ව තරුණයෙකුට අමානුෂික වදහිංසා කළ පුවතක් තඹුත්තේගම ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

අදාළ සිවුදෙනා විසින් එම තරුණයා වැව් පිටියකට රැගෙන ගොස් දෑත් බැඳ, නිරුවත් කොට ගුද මාර්ගයට යකඩ බටයක් ඇතුළු කර ඇති බව යි හෙළිදරව් වී ඇත්තේ.

ඉන් බරපතළ තුවාල ලද තරුණයාගේ ජංගම දුරකතනය ද පැහැරගෙන පලායාමට අදාළ සිව්දෙනා කටයුතු කර තිබෙනවා.

සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වන පොලීසිය අනාවරණය කරගෙන ඇත්තේ මෙම සිවුදෙනා මත්පැන් පානය කරමින් සිට ඇති අතර එම මත්පැන් අවසන්වූ පසු තවත් මත්පැන් සොයමින් යන අතරතුරදී හිංසනයට ලක් වූ පුද්ගලයා හමුවී ඇති බවට යි.

එහිදී මත්පැන් තිබෙන ස්ථානයක් විමසූවිට නීති විරෝධී මත්පැන් අලෙවිය සිදු කරන ස්ථානයකට රැගෙන ගොස් ඇති බවත් ඒ වනවිට එම ස්ථානයේද නීති විරෝධී මත්පැන් නොතිබුණ නිසා රාත්‍රි කාලයේ තමන් රවට්ටවා රස්තියාදු කළ බව සඳහන් කරමින් මෙම හිංසනය සිදු කර ඇති බවත් පැවසෙනවා.

මෙම සිවු දෙනාගෙන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට තඹුත්තේගම පොලීසිය සමත් වී ඇති අතර ඔවුන් තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 17 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබෙනවා.

මෙම තිදෙනා යුද හමුදාවේ ආබාධිත සෙබළකු හා තවත් දෙදෙනෙක්වන අතර ඔවුන් එම ප්‍රදේශයේම පදිංචිකරුවන්වන බව යි පොලීසිය පවසන්නේ.

හිංසනයට පත්ව තුවාල ලැබූ පුද්ගලයා දැනට තඹුත්තේගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Rate this item
(2 votes)
Last modified on Wednesday, 12 October 2016 06:19