May 18, 2024

නිළි රැජින මාලනීට හදවත් සැත්කමක්

ශ්‍රී ලාංකීය සිනමා වංශ කතාවේ නිළි රැජින ලෙස විරුදාවළිය ලබා සිටින මාලනී ෆොන්සේකා මහත්මියට හෘදයාබාධයක් වැළඳී ඇති බව වාර්තා වෙනවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ද වන ඇය මේවන විට පුද්ගලික රෝහලක් වෙත ඇතුළත් කර ඇති බව යි පැවසෙන්නේ.

එමෙන්ම ඇයට "බයිපාස්" සැත්කමක් සිදු කළ යුතු බවට වෛද්‍යවරු නිර්දේශ කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

මේවන විට එම හදිසි සැත්කම සිදුකිරීම සඳහා කටයුතු සූදානම් කෙරෙමින් පවතිනවා.

එම සැත්කම සාර්ථක වීම අරමුණුකරගනිමින් කලාකරුවන් එක්ව පුණ්‍ය කටයුතුවල ද නිරතවෙමින් සිටිනවා.

එහි එක් අංගයක් ලෙස අද (11) පස්වරුවේ බෙල්ලන්විල රජමහා විහාරයේ බෝධි පූජා පින්කමක් ද සංවිධානය කෙරෙන බව වාර්තා වෙනවා.

මාලනී ෆොන්සේකා මහත්මිය මේවන විට පසුවන්නේ 69 වැනි වියේ යි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 11 October 2016 09:55