May 18, 2024

ශිෂ්‍යත්වයෙන් දෙවන ස්ථාන 2ක්: තෙවන ස්ථාන 9ක්: සම්පූර්ණ වාර්තාව මෙන්න

ඊයේ නිකුත් වූ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵලවලට අනුව පළමු, දෙවන හා තෙවන ස්ථාන හිමි කරගත් සිසු සිසුවියන් පිළිබඳව මේවන විට තොරතුරු නිකුත් වී අවසන්.

දිවයිනේ පළමු තැනට පැමිණීමට සමත් වූයේ මාතර ඌරුගමුව මෙතෝදිස්ත ප්‍රාථමික විද්‍යාලයේ සිතිජය සමරවික්‍රම සිසුවා යි.

ඔහු ලබාගත් ලකුණු සංඛ්‍යාව 196ක්.

දෙවන ස්ථාන දෙකක් වාර්තාවන අතර කුලියාපිටිය - ඇස්වැද්දුම සුභාරතී විද්‍යාලයේ රුවන්යා මෙත්මිණි ගුණසේකර සිසුවිය ඉන් එක් අයෙක්.

ඇය ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 195ක්.

එම ලකුණු ගණනම ලබා දෙවන ස්ථානය ලැබූ අනෙක් සිසුවා වන්නේ වව්නියාව - රන්බේකුලම් මහා විද්‍යාලයේ ගෝකුලදාසන් අභිෂිකන් සිසුවායි.

එමෙන්ම දමිළ මාධ්‍යයෙන් දිවයිනේ පළමු ස්ථානය ද ඔහුට හිමි වෙනවා.

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵලවලට අනුව තෙවන ස්ථාන 9ක් වාර්තා වීම සුවිශේෂීවනවා.

ලකුණු 194ක් ලබාගෙන එම සිසු සිසුවියන් 9 දෙනා තෙවන ස්ථාන ලබා ගත්තා.

එමෙන්ම එම තෙවන ස්ථාන කෑගල්ල, හොරණ, ත්‍රිකුණාමලය, යාපනය ඇතුළු දිවයිනේ සිව් දිග පැතිර වාර්තා වීම තවත් විශේෂයක්.

තව ද එම තෙවන ස්ථාන අතර සිටින තේජන කවුසිත් සිසුවා ද ඉගෙනුම ලබා ඇත්තේ, මෙම විභාගයෙන් දෙවන ස්ථානය ලැබූ රුවන්යා මෙත්මිණි සිසුවිය ඉගෙනුම ලබන පාසලේම වීම ද කැපී පෙණුනා.

පසුගිය අගෝස්තු 21 වනදා පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට දරු දැරියන් 3,50,740 ක් පෙනී සිටියා.

පළමු, දෙවන හා තෙවන ස්ථානය ලැබූ සිසු සිසුවියන් ලැයිස්තුව පහතින් > > > 

media-announcement-05

Rate this item
(0 votes)
Last modified on Wednesday, 05 October 2016 13:04