May 05, 2024

ලේලිය ඉදිරියේ නිරුවත් වූ මාමාට වැඩ වරදියි

සිය ලේලියට නිරුවත පෙන්වූ පුද්ගලයෙකු වත්තේගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අදාළ කාන්තාව විසින් සිදු කළ පොලිස් පැමිණිල්ලකට අනුව යි.

තම දරුවන් ද සමඟින් සවස් කාලයේ නිවෙස ඉදිරිපිටදී අසල්වැසි මිතුරියක් සමඟ කතාබහක යෙදී සිටින විට තම සැමියාගේ පියා අධික ලෙස බීමත්ව තමන් සිටි ස්ථානයට පැමිණ සුළු දිය පිට කර සරම කරට ගෙන නිරුවත පෙන්වූ බවට යි අදාළ කාන්තාව පැමිණිලි කර ඇත්තේ.

ඒ අනුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ යක්ගහපිටිය ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයක්.

අදාළ පුද්ගලයා තෙල්දෙණිය වැඩබලන මහෙස්ත්‍රාත් නීතිඥ සරත් ප්‍රේමකුමාර මහතා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහුට දැඩි ලෙස අවවාද කරමින් රුපියල් දස දහසක මුදල් ඇපයක් හා රුපියල් පනස් දහස බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හැර ඇති බව යි වාර්තා වන්නේ.

Rate this item
(0 votes)