May 05, 2024

උතුරට සිංහල එපා කියන විග්නේශ්වරන්ගේ පුතා ඉරාජ් එක්ක රැප් කරපු හැටි (VIDEO)

උතුරු පළාත් සභාවේ මහ ඇමති සී.වී. විග්නේශ්වරන් මහතා පසුගිය දිනවල සිදු කළ ඇතැම් ප්‍රකාශ හේතුවෙන් මේවන විට රට තුළ හටගෙන තිබෙන්නේ තරමක ආන්දෝලනාත්මක තත්ත්වයක්.

ඒ වගේම පසුගිය දා උතුරේ පැවැත්වුණු "දමිළයිනි නැගිටිව්" විරෝධතා ව්‍යාපාරයත් මේ උණුසුම වර්ධනය කිරීමට සමත් වුණා.

මහඇමතිවරයාගේ ජාතිවාදී ප්‍රකාශ නිසා දකුණේ ජාතිකවාදී සංවිධාන කිහිපයක්ම එක්ව උතුරට ගොස් විරෝධතාවයක ද නිරතවන්නට මේ උණුසුම්කාරී වාතාවරණය හේතුවක් වුණා.

තත්ත්වය මෙසේ වෙද්දී පසුගිය දිනවල මියුසික් වීඩියෝවක් හේතුවෙන් කතාබහට ලක් වූ සංගීත ශිල්පී ඉරාජ්, තම ෆේස්බුක් පිටුව ඔස්සේ අමුතුම හෙළිදරව්වක් කර තිබෙනවා.

ඒ මීට කාලයකට ඉහත දී ජනප්‍රියත්වයට පත් ඉරාජ් ගේ පළමු මියුසික් වීඩියෝව වන "J Town Story" ගීතය පිළිබඳව යි.

එම ගීතයට දමිළ රැප් ගායනයෙන් දායක වී ඇත්තේ උතුරු මහ ඇමති විග්නේශ්වරන් මහතාගේ පුත්‍රයාවන යෞවනන් විග්නේශ්වරන් නමැති තරුණයා බවට යි ඉරාජ් මෙහි සඳහන් කර ඇත්තේ.

ජාතිවාදයට සහ යුද්ධයට එරෙහි ගීයක්වන මෙය නිර්මාණය කර ඇත්තේ සිංහල, දමිළ සහ මුස්ලිම් තරුණයන් තිදෙනෙකු ගේ එක් වීමෙන් බව ද ඉරාජ් පවසනවා.

එකළ ඔවුන්ට ජාතිවාදය ගෑවිලාවත් නොතිබූ බව පවසන ඉරාජ් වැඩිදුරටත් සඳහන් කරන්නේ මේ ගීතයෙන් පැවසෙන ආකාරයටම අදත් අවශ්‍ය වන්නේ සාමය බව යි.

ඉරාජ්ගේ ප්‍රකාශය සහ එම මියුසික් වීඩියෝව පහතින් > > > 

eeeee

වීඩියෝව පහතින් > > > 

Rate this item
(0 votes)