May 05, 2024

කාර්වලින් වැඩදාන්න පුරුදු වී ප්‍රභූ ජීවිත රකින STF වැඩකාරයින්ගේ වීඩියෝව (VIDEO)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හමුදා ආරක්ෂාව ඉවත් කිරීම පිළිබඳව පසුගිය කාලයේ විශාල වශයෙන් කතාබහට ලක් වූ බව ඔබට මතක ඇති.

සැබැවින්ම සිදුවුණේ එතුමාගේ ආරක්ෂාව අඩු කිරීමක් නොව එම කාර්යභාරය ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත පැවරීම යි.

මෙරට සෑම ප්‍රභූවරයෙකුගේම ආරක්ෂාව පිළිබඳව කටයුතු කරන්නේ පොලිස් විශේෂ කාර්ය බලකාය යි.

ජනාධිපති, අගමැති ඇතුළු අමාත්‍යවරුන් ආරක්ෂා කිරීමට ඔවුන් විශේෂයෙන් කැප වී සිටිනවා.

ප්‍රභූන්ට ආරක්ෂාව සැපයීමේ දී ඔවුන් ගෙනයන වාහන සහ ආරක්ෂක රථ පිළිබඳව ද වැඩි අවධානයක් යොමු වෙනවා.

වාහනයේ ආරක්ෂාකාරී බව පමණක් මෙතැන දී බලපාන්නේ නැහැ.

එම වාහනය පදවන රියදුරාට ද ඉතා විශාල වගකීමක් හිමිවෙනවා.

මෙවන් ප්‍රභූ ආරක්ෂක රථ පදවන රියදුරන් ලෙස ද විශේෂ පුහුණුව ලබන පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළුන්ම යොදාගන්නේ මේ නිසා යි.

හදිසි අවස්ථාවක දී ඉක්මන් මෙන්ම නිවැරදි තීරණ ගනිමින් තම වගකීම නිසි ලෙස ඉටු කර අදාළ ප්‍රභූවරයාව ආරක්ෂා කිරීමට යි ඔවුන් බැඳී සිටින්නේ.

ප්‍රභූ රථයක් වේගයෙන් ගමන් ගන්නා අතරතුර හදිසියේ ඇති වන උපද්‍රවයක දී රථය එකතැන අංශක 180ක් කරකවා හරවාගෙන එම ස්ථාවයෙන් ආරක්ෂාකාරීව ඉවත් වීමට මෙම රියදුරන් සමත් විය යුතු වනවා.

එම කාර්යය පුහුණුවන විශේෂ කාර්ය බලකා සෙබළ රියදුරන්ගේ වීඩියෝවක් අන්තර්ජාලය තුළ ඉතා ජනප්‍රිය වී තිබෙනවා.

එය පහතින් නරඹන්න > > > 

Rate this item
(0 votes)
Last modified on Saturday, 01 October 2016 10:29