May 05, 2024

ටෙලි නිළියක් යොදා ලංකාවේ හදපු නිල් චිත්‍රපටයේ අධ්‍යක්ෂ ඇතුළු නළුනිළියෝ කොටු

September 30, 2016

‍මෙරට නිෂ්පාදිත නිල් චිත්‍රපටයක රඟපෑ නළු නිළියන් සහ එහි නිර්මාණ කරු අත්අඩංගුවට ගැනීමට වේයංගොඩ පොලීසිය සමත් වී තිබෙනවා.

මෙම අසභ්‍ය චිත්‍රපටය මේදිනවල වෙළඳපොලේ රහසිගතව අළෙවිවන අතර එයට දැඩි ඉල්ලුමක් පවතින බව යි වාර්තා වන්නේ.

සම්පූර්ණ නිර්වත් දර්ශන සහිතව රූගත කර ඇති මෙහි නළුවන් දෙදෙනෙකු සමග නිළියක ලිංගක හැසිරීමෙහි නිරතවන අවස්ථා සහිතව නිර්මාණය කර ඇති බව පැවසෙනවා.

මෙම අසභ්‍ය චිත්‍රපටයේ DVD පිටපත් 6000 කට ආසන්න ප‍්‍රමාණයක් බෙදාහැරීමට සූදානම් කර තිබී ඇති අතර එහි නළු නිළියන් සහ අධ්‍යක්ෂකවරයා පොලිසියට හසුවන අවස්ථාවේ එම DVD තොගය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

බටහිර කාමෝද්දීපන චිත්‍රපට නිපදවීමේ දී භාවිත කරන ඉහළ තාක්ෂණය යොදාගෙන මෙම චිත්‍රපටය නිර්මාණය කර ඇති බවත් එනිසාම එහි රූපමය ගුණාත්මක බව ඉතා ඉහළ බවත්, මෙම කාරණා නිසාම මෙයට ඉතා ඉහළ ඉල්ලුමක් ලැබී ඇති බවත් සඳහන් වේ.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රකට නමක් දිනූ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකු මෙම නිර්මාණය සිදු කර ඇති අතර එහි රඟපෑ නිළිය වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි ප‍්‍රකට නිරූපණ ශිල්පිණියක බව ද අනාවරණය වී තිබෙනවා.

ඇය ටෙලි නාට්‍ය කිහිපයක සුළු චරිත සඳහාද දායකවී ඇති බව පැවසෙනවා.

වේයන්ගොඩ, කූරිකොටුව ප‍්‍රදේශයේ සුඛෝපභෝගී නිවසක රූගත කිරීමේ කටයුතු සිදුකර ඇති අතර අදාළ අධ්‍යක්ෂවරයා එම නිවස බද්දට ලබාගෙන තිබෙනවා.

Rate this item
(3 votes)