May 18, 2024

ඉරාජ්ගේ සමලිංගික වීඩියෝව සිරිධම්ම හිමි ඉහළින් අගය කරයි (VIDEO)

මේ දිනවල මහත් ආන්දෝලනයක් ඇති කර තිබෙනව ඉරාජ් වීරරත්නගේ "ගිනියම් රෑ" මියුසික් වීඩියෝව පිළිබඳව පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේ අදහස් දක්වා තිබෙනවා.

ඒ සජීවී ගුවන් විදුලි සාකච්ඡාවක් අතරතුර දී.

මෙම කාරණා පිළිබඳ කතා කිරීමට පෙර සීගිරි චිත්‍ර වසා දැමිය යුතු බව යි උන්වහන්සේ අවධාරණය කරන්නේ.

එමෙන්ම කලාව කලාවක් පමණක් බවත් කාමයෙන් ආශක්ත වූ මිනිසුන්ට කලාවේ සෞන්දර්යය නොපෙනෙන බවත් උන්වහන්සේ පවසා සිටියා.

සාම්ප්‍රදායික රාමුවක ලාංකීය ගීතය කොටුවී තිබෙනවාට වඩා මෙවන් අළුත් දෑ බිහිවෙනවාට තමන් කැමති බව ද උන්වහන්සේ පවසා සිටි අතර ඕනෑවට වඩා සංස්කෘතිය පිළිබඳ කතා කරන මිනිසුන් මෙම සමාජයේ සිටින තක්කඩිම පිරිස බව යි උන්වහන්සේ වැඩිදුරටත් පැවසුවේ.

මීට කලකට පෙර ඉරාජ් විසින් නිර්මාණය කළ මියුසික් වීඩියෝවක පිටිදූවේ සිරිධම්ම හිමි ද පෙනීසිටියා.

වීඩියෝව පහතින් > > > 

Rate this item
(2 votes)