May 18, 2024

'මැතිව්ස් ඉන්නකල් මට තැනක් නෑ' - සමුගත් දිල්හාරගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය මෙන්න (VIDEO)

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේ ඊයේ සිය ජාත්‍යන්තර ක්‍රීඩා ජීවතයෙන් සමුගන්නා බව ප්‍රකාශයට පත් කළා.

සමුගැනීම නිමිතිකරගෙන විශේෂ මාධ්‍ය හමුවක් කැඳවූ දිල්හාර ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් සිදු කිරීම විශේෂයෙන් කතාබහට ලක්ව තිබෙනවා.

ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරනතුරු තමන්ට වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස තැනක් ලබා ගැනීමට නොහැකි බවට යි දිල්හාර ලොකුහෙට්ටිගේ පවසා සිටියේ.

එම නිසා දැඩි කළකිරීමෙන් යුතුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩාම වෙතින් ඉවත්වන බව ඔහු පැවසුවා.

තව ද ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කණ්ඩායමකට තරග කිරීමට තමාට අවස්ථාව ලැබී ඇති බවත් ඒ සඳහා තම දායකත්වය ලබා දෙන බවත් ඔහු කියා සිටියා.

ඔස්ට්‍රේලියාවේ පදිංචියට යෑමට ද බලාපොරොත්තු වෙන බව යි දිල්හාර වැඩිදුරටත් පැවසුවේ.

කෙසේ වෙතත් එක්දින සහ ටෙස්ට් පිටියෙන් සමුගත්තද තමන් හට අවස්ථාව ලබා දෙන්නේ නම් 20 - 20 ක්‍රිකට් ක්‍රීඩාව සඳහා සුදානමින් සිටින බව ද ඔහු සිහිපත් කළා.

වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස සැම විටම අසාධාරණ කම් සිදු වූ බව ද දිල්හාර ලොකුහෙට්ටිගේ එම මාධ්‍ය හමුවේ දී අවධාරණය කර සිටියා.

වීඩියෝව පහතින් > > > 

Rate this item
(0 votes)