May 18, 2024

ඉරාජ්ගේ ගිණියම් රෑ උඩුයටිකුරු කරමින් අමුතුම වීඩියෝවක් නිකුත් වේ (VIDEO)

ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්න විසින් නිර්මාණය කළ "ගිණියම් රෑ" මියුසික් වීඩියෝව පිළිබඳ මේවනවිටත් එල්ල වෙමින් පවතින්නේ දැඩි විරෝධයක්.

එයට ප්‍රධානම හේතුව වී ඇත්තේ මෙම වීඩියෝව තුළ රංගනයෙන් දායකවන තරුණියන් දෙදෙනෙකු නිරුවත් වී සමලිංගික ඇසුරක් පවත්වන ආකාරය නිරූපනය කිරීමයි.

මේ පිළිබඳව සමාජ ජාල මාධ්‍ය ඇතුළු අන්තර්ජාලය පුරාම විශාල විරෝධාකල්ප රැල්ලක් ඇතිවෙමින් පවතිනවා.

ගිණියම් රෑ වීඩියෝව වෙනස්ම ආකාරයෙන් ප්‍රතිනිර්මාණය කළ නිර්මාණයක් මේ අතර දක්නට ලැබුණා.

මෙය නිර්මාණය කර ඇත්තේ "5 කල්ලිය" නමැති Facebook පිටුවෙහි තරුණයන් කිහිපදෙනෙකු විසින්.

මෙම විනෝදාත්මක වීඩියෝව මුදාහැර තවමත් ගත වී ඇත්තේ පැය කිහිපයක් පමණක් වුවත් මෙයට ලැබී ඇති ප්‍රතිචාරය නම් අතිමහත්.

එම වීඩියෝව පහතින් > > > 

Rate this item
(11 votes)