May 18, 2024

සංගාගෙන් ජාතිවාදීන්ට පාඩමක් (VIDEO)

යම් පුද්ගලයෙකු කුමන ක්ෂේත්‍රයක ප්‍රවීණයෙකු වුවත් එම පුද්ගලයාට තනිව ජීවත් විය නොහැති බව ශ්‍රී ලංකාවෙන් බිහි වූ පරමාදර්ශී සුපිරි ක්‍රිකට් තරුව, කුමාර් සංගක්කාර පවසනවා.

ඔහු මේ අදහස් දැක්වූයේ කොළඹ හිල්ටන් හෝටලයේදී නිමා වූ "අද දෙරණ ශ්‍රී ලංකන් ඔෆ් ද ඉයර්" සම්මාන රාත්‍රිය අමතමින්.

සංගක්කාර එම සම්මාන උළෙලේ ජනප්‍රිය සම්මානය හා විශිෂ්ට ශ්‍රී ලාංකේය සළකුණට හිමි සම්මානය යන සම්මාන දෙකටම හිමිකම් කියනු ලැබුවා.

කෙනෙකු ක්‍රිකට් ක්‍රීඩා කළත්, පාර අතුගෑවත්, ගුරුවරයෙකු වුවත්, ජීවිතය පරදුවට තබා රට වෙනුවෙන් සටනට ගියත්, මේ ආකාරයේ කුමන ක්ෂේත්‍රයක කුමන කාර්යයක නිරත වුවත් අපට තනිවම ජීවත් විය නොහැකි බවත්, අප එකිනෙකාගේ ජීවිතවල කොටස්කරුවන් බවත් කුමාර් පෙන්වා දුන්නා.

ශ්‍රී ලාංකිකයින්ට රටත් ලෙස ඉදිරියට ගමන් කිරීමට තවත් අවස්ථාවක් ලැබී ඇති බව අවධාරණය කළ ඔහු වැඩිදුරටත් මෙසේ පැවසුවා.

"අප කුමන දෙයක් කරත්, අපි හැරිලා එකිනෙකා දිහා බලද්දි අපිට ආගම්, කුළ, ජාති භේදයකින් තොරව පේන්නේ තවත් අම්මෙක්, තාත්තෙක්, සහෝදරයෙක්, සහෝදරියක්, දුවෙක්, පුතෙක් නම් අන්න එදාට තමයි අපි, ශ්‍රී ලංකාව රටක් හා සමාජයක් හැටියට අපි ලබාගත් අලුත් සාමයට දක්වන නියම ගෞරවය"

වීඩියෝව පහතින් > > > 

Rate this item
(3 votes)