May 18, 2024

ජාත්‍යන්තරය ජයගත් අර්ජුන්ගේ නවතම ගීතය මෙන්න (VIDEO)

ජාත්‍යන්තරය ජයගත් ශ්‍රී ලාංකික සංගීත ශිල්පියෙකුවන අර්ජුන් කුමාරස්වාමි පිළිබඳ මෙරට බොහෝ දෙනා දැන හැඳිනගත්තේ අර්ජුන්ගේ පියාවන ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මෙරට මහ බැංකු අධිපති ලෙස පත් වීමත් සමග යි.

කලක් බහු ජාතික සමාගමක සේවය කර ඉන් ඉවත්ව සංගීත මාවත තෝරාගත් අර්ජුන් වඩාත්ම ජනප්‍රියත්වයට පත්වන්නේ Kolaveri Di ගීතය Re-Mix කොට මියුසික් වීඩියෝවක් කිරීමෙන්.

වෙනත් ගායකයින්ගේ ගීත නව ආරකින් ගායනා කිරීම අර්ජුන්ගේ විශේෂත්වයක්.

එමෙන්ම තමන්ගේම නිර්මාණ ද බොහොමයක් ඔහු සතුව පවතිනවා.

ලෝකයේ රටවල් රැසක ජනප්‍රිය තරුණ ජනප්‍රිය සංගීතඥයකු වන අර්ජුන් විවිධ සම්මාන රැසකට ද හිමිකම් කියනවා.

ඔහුගේ නවතම ගීතය "Sanam Ho Ja" නමින් පසුගිය දා එළිදැක්වූවා.

මේවන විටත් 3,965,000ක යූටියුබ් දර්ශන වාර ගණනක් පසුකර ඇති මෙම ගීතය උණුසුම් ප්‍රතිචාර සමගින් ජනප්‍රිය වෙමින් පවතිනවා.

එම ගීතය පහතින් නරඹන්න > > > 

Rate this item
(0 votes)
Last modified on Thursday, 22 September 2016 16:10