May 18, 2024

හැරී පෝටර් නළුවා චරිතය අතහරී: ආන්දෝලනාත්මක ප්‍රකාශය මෙන්න (VIDEO)

සුප්‍රකට "හැරී පෝටර්" චිත්‍රපට මාලාවේ ප්‍රධාන චරිතයවන හැරී පෝටර්ගේ චරිතයට වසර ගණනාවක් පණ පෙවූ ඩැනියල් රැඩ්ක්ලිෆ් සිදු කර ඇති ආන්දෝලනාත්මක ප්‍රකාශයක් පිළිබඳව ලොව ප්‍රරා අවධානයට පාත්‍ර වී තිබෙනවා.

හැරී පෝටර් චරිතය උදෙසා තවදුරටත් රංගනයෙන් දායක වීමට අදහසක් නොමැති බවට යි ඩැනියල් ප්‍රකාශ කර තිබුණේ.

ඔහු මේබව කියා සිටියේ BBC ලෝක සේවය සමග අදහස් දක්වමින්.

'Harry Potter and the Cursed Child' නමැති නිර්මාණය සඳහා ඩැනියල් රංගනයෙන් දායක වනු ඇති බවට කටකතා පළ වී තිබුණත් මෙම ප්‍රකාශයත් සමග එය එසේ නොවන බවට ඔප්පු වී තිබෙනවා.

එමෙන්ම එම නිර්මාණය සදහා හැරීගේ චරිතයට Jamie Parker නමැති නළුවා විසින් පණ පොවනු ඇති බව යි මේවන විට ප්‍රකාශ වී ඇත්තේ.

'ඇතැම් විට තිස් වසරකට පසු මම ඒ පිළිබඳ වෙනස් ආකාරයකට හිතාවි. මට හැරී පෝටර්ගේ පියාගේ චරිතය රඟපාන්න හැකි වේවි' යනුවෙන් ඩැනියල් වැඩිදුරටත් අදහස් දක්වා තිබෙනවා.

කෙසේ වෙතත් ඩැනියල්ගේ මෙම ප්‍රකාශයත් සමග ලොව පුරා හැරී පෝටර් ලෝලීන්ගෙන් බහුතරයක් දැඩි කණගාටුවට පත්ව ඇති බව යි වාර්තා වන්නේ.

පළමු හැරී පොටර් සිනමා නිර්මාණයට 2001 වසරේ දී රංගනයෙන් දායක වූ ඩැනියල් රැඩ්ක්ලිෆ් මේවන විට සිටින්නේ විසි හත් හැවිරිදි වියේ.

හැරී පොටර් චිත්‍රපට මාලාව බිහිවුණේ බ්‍රිතාන්‍ය ජාතික ලේඛිකා ජේ. කේ රෝලිංග් විසින් හැරී පෝටර් රචිත ප්‍රබන්ධ නව කතා මාලාව පාදක කරගෙන යි.

ලොව පුරා තිර ගත වූ හැරී පොටර් චිත්‍රපට මාලාව ඇමරිකානු ඩොලර් කොටි හත්සීයක ආදායමක් ලබා තිබෙනවා.

වීඩියෝව පහතින් > > > 

Rate this item
(0 votes)